ලෝකයේ ප්‍රධානතම වාර්ෂික සිනමා උළෙල ලන්ඩන් චිත්‍රපට උළෙල සඳහා කෙටි හෝ වෘත්තාන්ත චිත්‍රපට ඉදිරිපත්කරන ලෙස සංවිධායකයෝ ඉල්ලති.
මෙවර ලන්ඩන් සිනමා උළෙල පැවැත්වෙන්නේ 58 වැනි වතාවටය.
ඒ සඳහා විනාඩි 40 කට වඩා කෙටි හෝ වෘතාන්ත චිත්‍රපට ඉදිරිපත් කළ හැකිවෙයි.
චිත්‍රපට උළෙල ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය සිනමා ආයතනයේදී මෙම වසරේ ඔක්තෝම්බර් 8 වැනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
කෙටි චිත්‍රපට පිළිබඳ විස්තර සහ ඩීවීඩී පිටපත් ජුනි මස 13 වැනිදා පෙරත් වෘත්තාන්ත චිත්‍රපට පිලිබඳ විස්තර සහ ඒවායේ ඩීවීඩී පිටපත් ජුනි 20 වැනිදාට පෙරත් ඉදිරිපත් කළ යුතුවෙයි.
පසුගිය වසර කිහිපයකම ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු චිත්‍රපටයක් ඉදිරිපත් වී නැත.
චිත්‍රපට ඉදිරිපත් කිරීම සම්බන්ධ සියලු විස්තර bfi.org.uk/lff යන අන්තර් ජාල පිටුවෙන් ලබාගත හැකිවෙයි.
ලන්ඩන් චිත්‍රපට උළෙලේ විශේෂත්වය වන්නේ ඒ සඳහා ලෝකයේ සියලුම ප්‍රධාන චිත්‍රපට බෙදාහරින සමාගම්වල නියෝජිතයින් සහභාගිවීමයි. මේ නිසා එහි ප්‍රදර්ශනය වන චිත්‍රපට ලොව වටා ප්‍රදර්ශනය සඳහා අලෙවි කර ගැනිමටට ඉඩකඩ උදාවෙයි.
මිට පෙර ලෙස්ටර් ජේම්ස් පිරිස්, සුමිත්‍රා පිරිස්, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි, ප්‍රසන්න විතානගේ සහ සෝමරත්න දිසානායකගේද නිර්මාණ ලන්ඩන් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණි.
වරෙක ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සියලු නිර්මාණ ඇතුලත් විශේෂ ප්‍රත්‍යවලෝකන සිනමා උළෙලක් බ්‍රිතාන්‍ය සිනමා ආයතනය විසින් සංවිධානය කැරිණි. ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර චිත්‍රපට ආයතනයකින් ශ්‍රී ලාංකික සිනමා කරුවකු ලබාගත් වැදගත් පිළිගැනීමක් ද විය.
පුස්තකාල දර්ශන
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලන්ඩන් චිත්‍රපට උළෙලට චිත්‍රපට ඉල්ලයි
හේමන්ත Friday, 14 February 2014 08:06 AM
බලාගෙනයි. අවධානයෙන් ඉන්න. චැනෙල් ෆෝ එකෙනුත් ඉදිරිපත් කරයිද දන්නේ නැහැ. (නදී)
පද්මපානි Friday, 14 February 2014 08:42 AM
අපේ වීරෝදාර හමුදා ජීවිත පරිත්‍යාග කර රට මුදවා ගැනීමට සටන් කළ ආකාරය උපහාසයට හා අපහාසයට ලක් කොට තැනූ චිත්‍රපට කිහිපයකටම සම්මාන ලැබුනා. හැබැයි පාලක දේශප්‍රේමියෝ නොවෙයි නිකමට හරි මේ ද්‍රෝහීන්ට අඩු වශයෙන් අවවාද වත් කෙරුවේ. ඒ කියන්නේ රට පාවා දීමේ තරඟය තවම විවෘතයි. (දී)
සාරසී Saturday, 15 February 2014 01:48 PM
රට විකුනන්න යුද්දය විකුනන්න, ඔන්න සමහරුන්ට හොඳ වෙලාව.. අම්මව විකුණන් කනවා වගේ වැඩක් තමයි මව්බිම විකුණන එක. (නදී)