ලන්ඩන් බෞද්ධ විහාරයේ මුලිකත්වයෙන් අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වෙනි ජන්මෝත්සවය වෙනුවෙන් සතියක් පුරා පැවැත්වෙන පුළුල් වැඩසටහනක් සංවිධානය කර ඇත.
දුර දක්නා නුවනින් යුතුව අනගාරික ධර්මපාල තුමන් විසින් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය ආරම්භ කරනු ලැබුවේ 1926 දීය.
එවකට යුරෝපයේ ආරම්භ කළ ප්‍රථම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය එයයි. එදා සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන ලන්ඩන් බෞද්ධ විහාරය අද යුරෝපයේ ප්‍රමුඛ තම ථෙරවාදබෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇත්තේය.
ධර්මපාලතුමන්ගේ 150 වෙනි ජන්ම දිනය සිහිපත්කිරීම සඳහා සතියක් පුරා ලන්ඩන් බෞද්ධ විහාර ශාලාවේදී සහ හැමර්ස්මිත් නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
වැඩ සටහනට මෑතයුගයෙදී නිර්මලබුදු දහමේ පුනරුත්ථාපනය උදෙසා ධර්මපාල තුමන් අතින් සිදු වු අනුපමේය සේවාවන් විදහා දැක්වෙන ප්‍රදර්ශනයක්, ධර්මපාල තුමාගේ අගය විස්තර කෙරෙන දහම් පාසල් සිසු සිසුවියන් අතර පැවැත්වෙන රචනා, දේශනා සහ සන්නිවේදන වැඩසටහන්, එතුමාට පිං පැමිණවීමේ පිංකම් සහ පරිත්ත්‍රාන ධර්ම දේශනා සහ සංස්කෘතික වැඩසටහන් ඇතුළත් වෙයි.
මෙම භාරධුර කර්තව්‍යය සාර්ථකව ඉටු කරගැනීම සඳහා ලන්ඩන් බෞද්ධ විහාර දායක සභාව, දායක කාරකාදීන්, ධර්මපාල භාරකාර මණ්ඩලය, මහාබෝධි සංවිධානය, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, අනෙකුත් බෞද්ධ රටවල තානාපති කාර්යාල, විහාරස්ථාන සහ යුරෝපීය බෞද්ධ කණ්ඩායම් සහ සංවිධාන වල පුර්ණ සහයෝගය සහ සහභාගීත්වය ලැබෙනු ඇත.
සංස්කෘතික වැඩ සටහනේදී අනගාරික ධර්මපාල තුමන් පිළිබඳව ප්‍රධාන දේශනය ආචාර්ය ආනන්ද ගුරුගේ ගෙනි.
ධර්මපාල තුමන්ගේ ගුණ සමුදායයත් ලන්ඩන් බෞද්ධ විහාරය ස්ථාපිත කිරීමෙන් බුදු දහමේ ව්‍යාප්තිය උදෙසා ඉටුවුණ යුග මෙහෙවරත් පිළිබඳව ලියවුන සමරු ගීතයක් දහම් පාසල් දරු දැරියන්ද සහ ඔවුනගේ දෙමාපියන් ද ගායනා කිරීමට නියමිතය.
ලන්ඩන් බෞද්ධ විහාරවාසී කොන්වැවේ අරියරතන හිමියන් විසින් රචනා කර ඇති එම ගීතයේ තනුව සහ සංගීතය අචාර්ය රෝහණ වීරසිංහයන් විසින් නිර්මාණය කර ඇත.
ධර්මපාලතුමන් ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කිරීමත් එමගින් සිදුකෙරෙන ආගමික හා සමාජීය මෙහෙවරත් විදහා දැක්වෙන වාර්තා චිත්‍ර පටයක්ද නිෂ්පාදනය කිරීමට යයි.
ලන්ඩනයේ දම්පල් සමරු වැඩ සටහන සැප්තැම්බර් මස 14 වෙනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙයි.
මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාව පසුගිය සිකුරාදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
එදින ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයේ අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම පිණිස ඒ ඒ විෂයන් පිලිබඳ දැනුමක් සහ පළපුරුද්දක් ඇති කණ්ඩායම් තෝරා පත්කරගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලන්ඩනයේ දම්පල් සමරු සතියක්
සත්‍යයා Monday, 24 February 2014 07:05 AM
ධර්මපාල සමරු දේශනය පවත්වන්න ගුරු ගේ "විද්වතා" තරම් හොඳ දේශකයෙක් ගැන අපට හිතන්නත් අමාරුයි. මන්ද ඒ මහතා ධර්මපාල තුමාගේ "අඩි පාරේ" යමින් ඉතාමත් "දැහැමි" ජීවිතයක් ගෙවන "සත් පුරුෂයෙක්" නිසා. (නදී)
අක්ෂි Sunday, 23 February 2014 02:55 PM
ධර්මපාල තුමා නැවත අප රටේ ඉපදේවා කියා ප්‍රාර්ථනා කරන්න. (දිල්)
පහන් මඩුගල්ලේ Sunday, 23 February 2014 03:30 PM
සාධු සාධු සාධු !!!(දිල්)