(නිමන්ති රණසිංහ)
ලිට්‍රෝ ගෑස් මිල ඉදිරියේදී සැලකිය යුතු මුදලකින් මිල ඉහළ යනු ඇති බවත්, මිල වැඩිකරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.
කොපමණ මුදලකින් ගෑස් මිල ඉහළ යනවාදැයි මේ මොහොත වන විට පැවසිය නොහැකි බව පැවසූ සභාපතිවරයා මෙම මිල ඉහළ දැමීම කොයි මොහොතේ හෝ සිදුවිය හැකි බව ද සදහන් කළේය.
දිනකට ලිට්රෝ ගෑස් සිලින්ඩර් 30,000ක් පමණ වෙළෙද පොළට නිකුත් කරන අතර පසුගිය දින 10ක කාලය තුළ මිලියනට ආසන්න ගැස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළෙද පොළට නිකුත් කර ඇති බව ද ඔහු පැවසීය.
ලබන අප්‍රේල් මාසයේදී ගෑස් මෙට්‍රික්ටොන් 30,000ක ඇණවුමක් ලබාගැනීමට මේ වන විට සැලසුම් සකස්කර ඇති බව පැවසූ
නියමිත මිලට වඩා වැඩියෙන් ගෑස් අලෙවි කරන අළෙවි නියෝජිතයන් හෝ කිසියම් පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවහොත් ඒ පිළිබදව ශ්‍රී ලංකා පොලිසිය නිතිමය කටයුතු කරනු ඇති බවත් එවැනි අළෙවි නියෝජිතයන්ගේ වෙළෙද බලපත්‍රය අවංලගු කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.
ඔහු මෙසේ පැවසූවේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලිට්රෝ ගෑස් මිල වැඩි කරන්න ඉල්ලයි