IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෝචනාගේ අලුත් අවුරුදු සැලසුම්

2016-04-05-ent-64

කෙටි කාලයක් තුළදී රසික ආදරය දිනාගත් ලෝචනා ඉමාෂි වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍යය තුළ පසුගිය කාලයේ නිතරම දකින්නට ලැබුණ යොවුන් ජනප්‍රිය නිළියකි. කලා කටයුතුවලින් තරමක් ඈත්ව පසුගිය කාලයේ විදෙස් ගතව සිටි ඇය නැවතත් ලංකාවට පැමිණ සිටියි. මේ දිනවල අලුත් අවුරුදු සමරන්නට සූදානමින් සිටින ලෝචනා ඉමාෂිගෙන් "සාරවිට" තොරතුරු විමසුවෙමු.

 

2016-04-05-ent-67කොහොමද ඉමාෂි අලුත් ජීවිතේ?

හොඳින් සතුටින් ගෙවිලා යනවා.

 

මේ දවස්වල මොකද කරන්නේ?

කලා කටයුතුවලට නම් මේ දවස්වල සම්බන්ධ වෙලා වැඩ කරන්නේ නැහැ. අවුරුද්දට සූදානම් වෙන නිසා ඉතින් ඒ වැඩත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. පසුගිය අවුරුද්දෙ මට ගෙදර ඉඳලා අවුරුද්ද සමරන්න බැරි වුණා. මොකද එක එක නාළිකාවල තිබුණ වැඩසටහන්වලට සහභාගී වුණ නිසා. මේ අවුරුද්දේ නම් ඒ වැඩ මුකුත් භාරගත්තෙ නැහැ. ගෙදර අයත් එක්ක එකතු වෙලා අවුරුද්ද සමරන්න තමයි අදහස් කරමින් ඉන්නේ.

 

එතකොට අවුරුදු දවස්වල කාලසටහන?

ගෙදර කට්ටියත් එක්ක අවුරුද්ද සමරනවා. ඊට අමතරව හස්බන්ඩ්ගේ ගෙදර යන්නත් දින දාගෙන තියෙනවා. තව අවුරුද්ද ඉවර වෙනවත් එක්ක ගෙදර කට්ටියක් එක්ක පුංචි ට්‍රිප් එකක් දාගෙන තියෙනවා යන්න.

 

කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

අවුරුද්දෙන් පස්සෙ තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ.

 

දැනට ආරාධනා ලැබිලා තියෙනවාද?

චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කියලා දැනට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍යය දෙකක් තුනක් සඳහාත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. මගේ හස්බන්ඩ් ලංකාවේ ඉන්න කාලය අනුව තමයි මේ වැඩවලට එකතු වෙන්න බලාපොරොත්තු වෙන්න. මීට පෙර ලංකාවට ආවට වඩා වැඩි කාලයක් අපි මේ පාර ලංකාවේ හිටියා.

 

ඔබ රඟපෑ නිර්මාණ ඉදිරියට එන්න තියෙනවාද?

ඔව්, සුනෙත් මාලිංග අයියා අධ්‍යක්ෂණය කරපු "3 වරක් 3" කියන චිත්‍රපටය. එහි මා රොබෝ කාන්තාවකගේ චරිතය නිරූපණය කරනවා. රෝහණ සමරදිවාකරගේ "මීදුමෙන් එහා" ටෙලි නාට්‍යයට වගේම සුනෙත් කුමාරගේ අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කටයුතුවලටත් පසුගිය කාලේ සම්බන්ධ වෙලා වැඩකළා.

 

විවාහයෙන් පස්සෙත් ලෝචනා කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා?

ලසන්ත වගේ සැමියෙක් ලැබුණ එක ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. මම ඒ වගේ සැමියෙක් ලබන්න තරම් වාසනාවන්තයි කියලා මට හිතෙනවා. මොකද, ඔහු මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. ක්ෂේත්‍රයෙදි වගේම ක්ෂේත්‍රයෙන් පිටතත් මට ගොඩක් මිතුරු මිතුරියන් ඉන්නවා. විවාහයෙන් පස්සෙ විදෙස් ගතවෙලා ඉන්න කොට ඒ මිතුරු, මිතුරියන් සමග තිබිච්චි යාළුකම් පවා නැති වුණා. ඒ වගේම කලා කටයුතුවලිනුත් ඈත්වෙන්න සිද්ධ වුණ නිසා ටිකක් විතර තනිකමක්, පාළුවක් මට දැනුණා. ඔහු තේරුම් ගත්තා මගේ ජීවිතේට ඒ දේවල් අවශ්‍යයි කියලා. ඒ නිසාම තමයි ලසන්ත මෙවර ලංකාවට ආවට පස්සෙ මට කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා අවස්ථාව ලබා දුන්නේ.

 

2016-04-05-ent-65
2016-04-05-ent-66



අදහස් (0)

ලෝචනාගේ අලුත් අවුරුදු සැලසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site