IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංගම ‘හුඹස් ‘ එකකටවත් ලංසු නෑ

ලංගම අබලන් බස් තිහක්  නිට්ටඹුව ඩිපෝවේදී අද  වෙන්දේසියේ දැමු නමුත් එක් බසයක්වත්  වෙන්දේසි වුයේ නැත.

ව්‍යාපාරිකයෝ පනහකට වැඩි පිරිසක් පැමිණ සිටියහ.

ඔවුහු එකම ලංසුවක්වත් නොතැබුහ.ඔවුන් පැවසුයේ මෙම බස් පරණ යකඩ වලට පමණක් සුදුසු බවයි.

 

 



අදහස් (0)

ලංගම ‘හුඹස් ‘ එකකටවත් ලංසු නෑ

සත්‍යයා Friday, 24 January 2014 03:59 AM

කැඩෙන්න ඇරලා කන්ඩෙම් කරනවා. දිරන්න ඇරලා යකඩ කරනවා. එළියට ඇද යළි පන ගන්නනවා. ජාතිය ළඟදීම හිඟමන් යනවා. (අ)

:       0       0

ජයතිලක Sunday, 26 January 2014 05:52 AM

දීපා පැරිස්, දැන් වේරහැර වැඩපල කියලා එකක් තියෙනවද? ජර්මානු කාර්මික විදුහලේ සිටින ආධුනිකයන්ට ඔය අබලන් බස්රථ ගොඩගන්න එක සුළු දෙයක්. ඒකේ කිසිම අවුලක් නැහැ. අතීතයේදී ලංගමයේ මර්සිඩීස් බෙන්ස් එන්ජින්,ටාටා එන්ජින්,බෙන්ස් බස් රථ සම්පුර්ණයෙන් අලුත්වැඩියා කෙරුනා. දැන් ඒවා ඒ අකාරයෙන්ම කෙරෙනවාද කියා මම අවංකවම දන්නේ නැහැ. දැන් තියන ප්‍රශ්නය වන්නේ ලංගමයේ අබලන් බස් රථ අලුත්වැඩියා කරනවා නම් ඒවාට බරපැන දරන්නේ කවුද කියන එකයි? මම හිතන්නේ නැහැ දැන් නම්,දෙන්නම් කාසි වලට ජර්මන් ටෙක් එක ලංගමයට බස් ගොඩ දාලා දේවි කියලා. පස්සේ දෙන්නම් කාසි වලට ලංගමයට බස් හදලා දුන්නොත් බසුත් නැහැ මුදලුත් නැහැ.(නදී)

:       0       0

සන්තිලන්තන් Thursday, 23 January 2014 04:17 PM

ඔහොමම රටේ තියෙන එහෙම ලංගම බුස් එකම පරණ යකඩවලට විකුණල දාළ,සල්ලි ටික හොර නිලධාරීන් සාක්කුවේ දාගෙන,ලංගමට අවමංගල උත්සවය පැවත්වි. (අ)

:       0       0

බස්තියන් Thursday, 23 January 2014 04:31 PM

බස් රථ පමණක් නොවෙයි. මුළු ලංගම පරිපාලනයම උද ඉඳල යටට වෙනකන්ම හොද පරණ යකඩ වලට තමයි (අ)

:       0       0

මදු ..ප්‍රන්සය Thursday, 23 January 2014 04:47 PM

මේවා අලුත් වැඩියා කරලා ජනතාවට හොද සේවයක් ලබා දෙන්න බැරි ද ? හැම දේම විකුණා ගෙන කන්න පුරුදු උන රටක් වෙලා ?(අ)

:       0       0

රවීන් Thursday, 23 January 2014 04:58 PM

මම 2001 දී ඔඩිට් එකකට ගියවෙලාවක මතුගම ඩිපෝවේ දැක්ක මේවගේම සිද්දියක්, කලින් බස් වෙන්දේසි වලදී ලන්සු නොතියපු බස් යකඩ වලට වික්ක, ඒවා ගත්ත උදවිය බස් ටික තල්ලුකරගෙන ඩිපෝවේ ගේට්ටුවෙන් එළියේ තියාගෙන හදල පදවාගෙන ගියා, එකම දේ තමයි වෙන්නේ (අ)

:       0       0

ජයා Thursday, 23 January 2014 05:17 PM

බස් හුඹස් වෙනකල් දිරන්න ඇරලා වෙන්දේසි දැම්මාම කවුරුත් ගන්නෙ නෑ තමා.ගොඩක් ඩිපෝ වල බස් හුඹස් වෙනවා.(දිල්)

:       0       0

ප්‍රදීප් Thursday, 23 January 2014 05:38 PM

අපි ඔතනින් යනකොට පේනවා හොඳ කන්ඩිෂන් එකට පිටින් පේන බස් (සුළු සුළු දෝෂ ඇති හදාගන්න පුළුවන් ඒවා) ඇතුලේ කැලේ වැවිලා. පරණ යකඩ වලට හොඳයි කියන ඒවා ඩිපෝ එකෙන් එලියට යනකන් ඇදගෙන ගිහින් එතන ඉදලා හොඳට පදවාගෙන යනවා. ඇයි මේ බස් අපරාදේ මේ විදිහට අයින් කරලා දාන්නේ දිරනකන්, ලංගමේ දක්ෂ කාර්මික ශිල්පීන් ඉන්නවා. මේවා තමයි ජාතික අපරාධ. යකඩ වලට හොඳයි කියපු බස් මේ වෙනකොටනම් වෙන්න ඕන දේ වෙලා ඇති. මම ළඟදි දැක්කා ලිපියක් වයස 50යි කියලා දාලා තිබුණා ලංගම බස් එකක් හොඳට හදලා අරගෙන අපේ කාර්මිකයෙක්. (දිල්)

:       0       0

ජෙරාඩ් Thursday, 23 January 2014 05:43 PM

ලන්සු නොදැම්මේ දේශපාලකයෙක් අල්ලාගෙන නිකන්ම ගන්ඩ හිතාගෙනද දන්නේ නැහැ (දිල්)

:       0       0

දීපා පැරිස් Thursday, 23 January 2014 06:39 PM

මෙතෙක් කල් උනේ ඔය කියපු විදියට ලංගමයේ . වැඩ හොයල බලන්න .. අපේ එකල වේරහැර වැඩපළවල් වල නිළධාරී නිදිද ? කෝ ජර්මනු කාර්මික විද්‍යාලේ කාර්මිකයෝ නැද්ද ඕව අලුත් වැඩිය කරන්න. තව ටිකදවසකින් මුදලාලිලා ඕව අරගෙන පාරේ දුවනවා අගේට...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site