(නිමල කොඩිතුවක්කු)
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ගමන් ගන්නා මගීන් සඳහා කොවීඩ් සහන රක්ෂණ අරමුදල නමින් විශේෂ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
ලංගම බස් රථයක ගමන් කිරීමේදී කොවිඩ් ආසාදනය වුවහොත් එම ආසාදිත මඟියාට රුපියල් 10,000 ක ගෙවීමක් සහ යම් මගියකු කොවීඩ් ආසාදනය වීමෙන් මියගිය හොත් ඔහුට රුපියල් 50,000 ගෙවීමක් සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
මෙම ආරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මගින් තමන්ගේ ටිකට් පත ළඟ තබා ගැනීම අනිවාර්ය බවද සභාපතිවරයා සඳහන් කළේය.
ලංගම බසය ගමන් කිරීමෙන් කොරෝනා ආසාදනය වී ඇති බවට කොවීඩ් විශේෂ බලකාය, ලංගම බුද්ධි අංශ, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ වෛද්‍යවරු මඟින් තහවුරු කළ පසු මෙම මුදල් ගෙවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලංගම මගීන්ට කොවිඩ් සහන රක්ෂණ අරමුදලක්
shamika Wednesday, 25 November 2020 12:05 PM
මේක බොරු වැඩක්... මේ මුදල් වෙනත් ඵලදායී දෙයකට යොමු කරන්න. මේ සල්ලිවලින් දුෂ්කර පළාතකට බස් එකක් දාන්න. මොකද අපි කොහොමද ඕවා ඔප්පු කරන්නේ?