IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි

(ආරියරත්න රණබාහු)

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර වැඩිහිටියන් සඳහා ද උත්සව කීපයක් පැවැත්වේ.

දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාසයන්හි නේවාසිකව සිටින වැඩිහිටි ප්‍රජාවට විශේෂ සංග්‍රහ සත්කාර ලබා දීම ද ඒ අතර වෙි.

ලෝක ළමා දින සැමරුමට සමගාමීව අවුරුදු 12න්පහළ සියලු ළමයන්ට නොමිලේ සත්වෝද්‍යාන නැරඹීම සඳහා පහසුකම් සලසා ඇත. ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය,පින්නවල සත්වොද්‍යානය, සහ හම්බන්තොට සෆාරි යන උද්‍යාන නැරඹීය හැක.

දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේ ළමුන් උදෙසා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

ඒ අනුව දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන දැනුම ස්වභාවිකසම්පත් හා පරිසර සංරක්ෂණ පිළිබඳව ආකල්ප දියුණු කිරීම දරුවන්ගේ හැකියාවන් ඔප්නැංව්ම විනෝදාස්වය ලබාදීම එම වැඩ සටහනේ අරමුණු අතර වන බවද ඇය සඳහන් කළාය.

 



අදහස් (1)

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි

Ajith prsanka Saturday, 07 June 2025 06:27 PM

ගොඩක් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 698 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site