IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක් දැරිය නත්තල්පත් තරඟෙන් දිනයි

මහා බ්‍රිතාන්‍යයේ එජ්වෙයාර්හි හය හැවිරිදි හරිනි අතුරුපාන නත්තල් කාඩ් තරඟයකින් දෙවැනි තැන හිමිකර ගත්තාය.

හැරෝ නගර සභාව හා හැරෝ ඔබ්සර්වර් පුවත්පත මේ තරඟය සංවිධානය කළේය.

හැරෝ නගරාධිපතිනි ඇනා අශන්තේ අතින් හරිනි සිය සහතිකය ලබා ගත්තාය.

හරිනිගේ පියා ආචාර්ය සෙනවි අතුරුපානයි.

මව පත්මා විජය බණ්ඩාර මුදලි ගෙදර අතුරුපානයි.

මේ තරඟයට ඉල්ලුම්පත් සියයක් පමණ ලැබිණි.

ජයග්‍රාහකයා වූයේ ආර් ඕ වී කුරුකානි දැරියයි.

මෙම තරඟයෙන් දස දෙනෙක් දෙවැනි තැනට තෝරා ගනු ලැබූහ.

 

 

 



අදහස් (0)

ලක් දැරිය නත්තල්පත් තරඟෙන් දිනයි

ධම්ම Monday, 09 December 2013 10:44 AM

කියන්න කණගාටුයි. හිතට එකඟව කතා කරනවා නම් මේ දරුවන් අපට (ලංකාවට) අයිති නැහැ. මේ දෙමවුපියන් ජීවත්වන තුරා ඔවුන් ලංකාව ගැන කතා කරාවි. මොකද ඔවුන්ට ශ්‍රී ලාංකික උරුමය දැනෙන නිසා. මොවුන්ගෙන් පසු පරම්පරා බොහෝ විට අපේ භාෂාව, ආගම, සංස්කෘතික වටිනාකම් ආදියෙන් දුරස් වෙනවා. ඒක ස්වාභාවිකයි. කාට හරි පුලුවන්නම් මා ඔය කිවූ කාරණා දරුවන්ට කාවද්දන්න, අඩු ගන්නේ අපේ ශ්‍රී ලාංකික නෑදෑකම තව ටික කලක් පවත්වාගෙන යාහැකි වේවි. (ස)

:       0       0

දයා අළහකෝන් Sunday, 08 December 2013 05:27 PM

පුංචි පැටික්කි හපනියේ, අපිත් ඔයාට සුභ පතනවා (නි)

:       0       0

කුමාරන Monday, 09 December 2013 06:12 PM

ධම්ම, මා දන්නා බොහෝ ද්‍රවිඩ පවුල් වල දරුවන් මොන ප්‍රදේශයක සිටියත්,ඉපදුණත් ඔවුන් දෙමළ භාෂාව චතුර ලෙස භාවිතා කරනවා. එසේම දීපවාලි සමරනවා.අපේ අම්මලා සමහරු කටුනායකින් පිටවෙනකොටම කලිසම් කෝට් ගහගෙන''අපෝ මට බත් කන්න බැහැ අනේ,සොසේජස් තම අල්ලලා යන්නේ කියනවා.අනික තමයි මම හිතා හිටියේ මේ දරුවා ලංකාවේ දුෂ්කර ගමක සිට මේ ජයග්‍රහණය ගත්තා කියලා. (නි)

:       0       0

කැන්ඩි විකි Monday, 09 December 2013 11:44 AM

දියණිය ඔබට සුභ පැතුම්.(නදී)

:       0       0

මිලාන් Monday, 09 December 2013 12:08 PM

ඔබට ජේසු පිහිට ලැබේවා. (ස)

:       0       0

කුමාරන Monday, 09 December 2013 06:30 PM

සුජිත් මහත්තයෝ,, ඒ එම රටවල් දියුණු වුණේ නීතිය හරියට ක්‍රියාත්මක වීම නිසාම නොවෙයි. මුළු ලෝකයෙන් බාගයක් යටත් කරගෙන එම රටවල තිබුණු සම්පත්,දැනුම කොල්ලකාලා.එසේම එම රටවලට විවිධ දේ(හොඳ සහ නරක) හදුන්වා දීලා නිෂ්පාදකයින් ලෙස ඔවුන් සපයන භාණ්ඩ අපි කැමති වුණා හෝ නැතිවුණා හෝ ගන්නම ඕනෑ. (නි)

:       0       0

ඉඳුනිල්- කින්ස්බරි Sunday, 08 December 2013 06:16 PM

චුටි දුවට සුභ පතනවා. දරුවන්ගේ දක්ෂකම් ගැන දෙමව්පියන්ට සතුටුයි. එහෙත් මෙවැනි සුළු දේවල් වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් නොදිය යුතුයි. දරුවාගේ ජයග්‍රහණ ප්‍රසිද්ධ නොකිරීම දරුවාගේ අනාගතයට සුභයි. මේක මගේ පුද්ගලික මතයක්. (නි)

:       0       0

දම් Monday, 09 December 2013 02:00 AM

මුසිල දේශපාලනය,පිරිහුණ ආර්ථිකය,සුදුස්සාට නොසුදුසු තැන නොදීම විසින් තල්ලු කර දමන ලද හැකියාව ඇති අපේ අනාගත පරම්පරාව.... (නි)

:       0       0

සේරම් Monday, 09 December 2013 12:50 PM

අනේ දුවේ ඔයා ඔය රටේම ඉන්න . එතකොට නම් ඔබට සුභ අනාගතයක් ෂුවර් .. (ස)

:       0       0

ශාන් Monday, 09 December 2013 03:15 AM

පිටරට ඉන්න ලංකාවේ ළමයින් ගොඩක් දක්ෂයි. ඒ වුණත් ගොඩක් රට ඉන්න දෙමව්පියෝ අපේ රටේ භාෂාවවත් ළමයින්ට දෙන්නේ නැත. නම විතරයි රටේ විදිහට තියෙන්නේ. ඒ වගේම ලංකාවේ දෙමව්පියන්ට දාව පිටරට ඉපදුන සමහර දරුවන් ඉන්නවා ලංකාවේ ඉන්නවටත් වඩා හොදට ලාංකික ගතිගුණ හා දක්ෂතා වලින් පිරිපුන්ව (නි)

:       0       0

සුජිත් Monday, 09 December 2013 04:01 AM

අමිල-කටුනායක, මේ රටවල් දියුණු වුණේ නීතිය අකුරට ක්‍රියාත්මක නිසා. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 08 December 2013 06:46 PM

රට හොද නම් හැමදාම නත්තල් (නි)

:       0       0

මීසා Sunday, 08 December 2013 07:17 PM

දුවේ, අපට ආඩම්බරයි ඔබ ගැන. ජයම වේවා! (නි)

:       0       0

සමන් කුමාර Tuesday, 10 December 2013 05:47 PM

දුව ඔයා සිංහල පරපුරට ආඩම්බරයක්.මගේ සුභ පැතුම්! (ස)

:       0       0

මධු ප්‍රංශය Sunday, 08 December 2013 04:01 PM

පුංචි දුවේ ඔබ ගොඩක් දක්ෂයි ! ඔයාට වාසනා වන්ත අනාගතයකට මගෙන් සුබ පැතුම් !! දුවට තෙරුවන් සරනයි !(දිල්)

:       0       0

සිතා මුදලි ගෙදර Sunday, 08 December 2013 08:44 PM

දුවේ, අපට ආඩම්බරයි ඔබ ගැන. ජයම වේවා !!! (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Sunday, 08 December 2013 04:13 PM

දුවේ අපට ආඩම්බරයි ඔබ ගැන ජයම වේවා ! (ස)

:       0       0

ජයනාත් මුදලි ගෙදර Sunday, 08 December 2013 08:55 PM

අපිට සතුටුයි. (නි)

:       0       0

රන්ජනී Sunday, 08 December 2013 09:05 PM

ඉදුනිල්, ඔබ හරි.පොඩි උන් මොනවා දන්නවද? පොඩි දියණියට සුබ අනාගතයක්! (නි)

:       0       0

ලලිත් Monday, 09 December 2013 04:40 PM

ධම්ම ඔයාගේ කතාව හරි උනාට කොටසක් අඩුයි. මේකේ ලක් දැරිය කිව්වට ලංකාවේ පුරවැසිකම ප්‍රතික්ෂේප කල දැරියක් කිව්වා නම් තමයි හරි. මින් ඉස්සරහට වාසගම බලලා තමයි ලංකාවේ පුරවැසිකම දෙන්නේ. විදේශවලට ගිය අයට. මහන්සිවෙලා ශ්‍රී ලංකික නෑදෑකම ඉගැන්නුවට නෑදෑයෝ බලන්න එන්න වෙන්නේ විසා අරගෙන. ජපානය, ඉන්දියාව, වගේ කොයි දීපංකරේ ගියත් තමන්ගේ මිනිස්සු තමන්ගේමයි කියල හිතන අය ලංකාවේ නැහැ. ආණ්ඩුවට විරුද්දව ජාත්‍යන්තර ක්‍රියාකාරකම් වෙනකොට පිටරට වල තානාපති කාර්යාල වලින් එව්වට විරුද්ධව පෙළපාලි යන්න, විරෝධතා පවත්තන්න ලජ්ජා නැතිව සහයෝගය ඉල්ලලා පණිවුඩ එවනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site