IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 90ක රන් අර පැත්තෙන් එළියට

රුපියල් ලක්ෂ 90ක් වටිනා රන් බිස්කට් 18ක් සිරුරේ සඟවාගෙන ඩුබායි සිට මෙරටට ආ ශ්‍රී ලාංකිකයකු    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක  ලෙස්ලි ගාමිණී මහතා කියයි.

සැකකරු මන්නාරම පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.

ඉවතට ගත් රන් බිස්කට්වල බර ග්‍රෑම් 1800කි.

සැකකාර තරුණයා 2014 ජනවාරි මාසයේ පමණක් තුන් හතර වතාවක් ඩුබායි, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.

සැකකරුගේ ගමන් විලාශය පිළිබඳ ඇති වූ සැකයක් මත නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ යන නිලධාරීන් විසින් පරීක්ෂා කරද්දී මේබව අනාවරණය කරගෙන ඇත.

ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ දීපාල් සිරිවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම් එම් සී පී මොහොට්ටිගෙදර මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අදිකාරී නිෂාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ මහත්වරු ඇතුළු පිරිසක් විමර්ශන සිදු කරති.



අදහස් (0)

ලක්ෂ 90ක රන් අර පැත්තෙන් එළියට

තිලක්-ඩුබායි Tuesday, 21 January 2014 10:59 PM

ඔයාලා අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ. එල්.ටී.ටී යෙන් අල්ල ගත්තු රත්තරන් කිලෝ දාස් ගානට වුන දේමද? (නදී)

:       0       0

ශෝභනා Tuesday, 21 January 2014 11:00 PM

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රත්තරන් අල්ල ගන්න අල්ල ගන්න ලංකාවෙන්ම සතුටු වෙන කෙනා මමයි.(නදී).

:       0       0

ටිකිරි බංඩා Tuesday, 21 January 2014 11:01 PM

ඔය අල්ල ගත්තු රත්තරන් කන්දරාවම ඇති රටේ දුප්පත් කම තුරන් කරන්න. (නදී)

:       0       0

රසිකා Thursday, 23 January 2014 02:37 PM

රත්තරන් මාර්ගයක්නේ.(නදී)

:       0       0

සේනානායක Tuesday, 21 January 2014 11:51 PM

ඒ පැත්තත් නරකම නැහැ නේද. හොඳ ප්‍රවාහන මාධ්‍යක්.(නදී)

:       0       0

සේරම් පැරිස් Wednesday, 22 January 2014 12:04 AM

මොහු කුඩා කල සිට අර පැත්තේ එක එක සඟවා පුරුදුවූ කෙනෙක් වන්නට ඕනේ . මෙපමණ රන් බිස්කට් තොගයක් අර පැත්තේ සඟවා ගත්තේ . වෙන මොනවා ගසා ගන්නවද දන්නේ නැහැ නිකන් ඉන්නා වෙලාවට.(නදී)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 22 January 2014 12:08 AM

මම මේ දන්නේ නෑති නිසයි අහන්නේ. ඈවිදින ගමනින් හොයන්නේ එයාල යන්නේ බිත්තර දාන්න යන කිකිලියෝ වගේද? අනේ දෙයියනෙ ලංකාවට එනකොට තද සපත්තු දාලා ගමන රුයිතෙට ගියොත් ගුද පරීක්ශාවකුත් කරගෙනම ගෙදර යන්න පුලුවන්. (නදී)

:       0       0

ධනා Wednesday, 22 January 2014 03:48 PM

හොද සුඋක්ෂම විදිහට අල්ලාගෙන තියෙනවා? (දී)

:       0       0

දීපාල් Wednesday, 22 January 2014 03:48 PM

පුදුම වැඩක් නේ මේක? (දී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 22 January 2014 03:42 AM

රන් රෙ.. . (නදී)

:       0       0

ශෝභනා Wednesday, 22 January 2014 07:59 AM

රත්තරන් අල්ලලා දීල කා වෙනුවෙන්ද ඔය කඹුරන්නේ ? (නදී)

:       0       0

සුමන Wednesday, 22 January 2014 09:04 AM

හප්පේ මහත්තුරු ටික කැත නැතුව අතගාන හැටි බලන්නකෝ.(නදී)

:       0       0

ජයන්ත Wednesday, 22 January 2014 09:55 AM

වල්පට්ටා ගෙනිච්චොත් වැඩි ලාභයක් ගන්න පුළුවන්, ඒකෙන් කිලෝ එකක් රුපියල් ලක්ෂ 125ක් වෙනවා. (නදී)

:       0       0

නෙත්මල් Wednesday, 22 January 2014 10:04 AM

දැන් දැන් ඔය පැත්තේ වටිනාකම වැඩිවෙලා වගෙයි නේද? (නදී)

:       0       0

අජිත් Tuesday, 21 January 2014 06:54 PM

අනේ කොයි පැත්තෙන්ද කියලා හරියට කියන්නකෝ.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Tuesday, 21 January 2014 08:09 PM

ඔය ක්‍රමයට වාහනයක් ගේන්න බැරිද? (නදී)

:       0       0

කුරුවිට Tuesday, 21 January 2014 08:16 PM

අගේ අඩු නැද්ද ? (නදී)

:       0       0

ශිරළ් Tuesday, 21 January 2014 08:31 PM

රන් ගබඩාවක්ද ඕක? එන එන කෙනාගේ හැමෝගෙම පස්සේ රන් බිස්කට්. (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 08:55 PM

එළියට ගත්තේ පස්ස පැත්තෙන් උනත් බිස්කට් ටික රත්තරන්නේ. කවුද ඉතින් ඕකට ආස නැත්තේ? එතනින් එළියට ගත්තයි කියල ඕකේ වටිනාකම අඩු වෙන්නෙත් නැහැ. අනික් එක දැන් ජාතීන් අතර සංහිඳියාව වැඩ කරන නිසා කව්රුත් තරගෙට රත්තරක් අදින්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site