IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 400ක් වැලි යට ගහලා

ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිඩට් ආයතනයට (ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය) අයත් ගිණුමකින් රුපියල් ලක්ෂ 400ක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාගෙන හම්බන්තොට වෙරළ උද්‍යානය සකස් කිරීමේ මුවාවෙන් වංචා කර ඇතැයි කියන සිද්ධියකට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (31) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.

ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයේ නිසි බලධාරී තෙල්ගේ අශෝක පීරිස් මහතා විසින් ඉකුත් පෙබරවාරි මස 29 වැනිදා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අට ස්ථානාධිපතී පො. ප. වීරරත්න මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.



අදහස් (0)

ලක්ෂ 400ක් වැලි යට ගහලා

දහම් Friday, 01 April 2016 08:38 AM

මේ නාඩගම් දැන්නම් ඇති වෙලා. එකක්වත් ඔප්පු කරගන්න බැරිව හොයනවා හොයනවා විතරයි. ඒ අස්සේ බදු මිලි ඉහල යනවා. බදු වැඩි කරනවා.(හේ)

:       0       0

වින්සන්ට් Thursday, 31 March 2016 09:26 PM

මේක ආරංචිවෙලා ජිනීවා ගිය අය සංදේශය ආපසු ඉල්ලාවිද දන්නේ නැහැ (නි)

:       0       0

ජයරත්න Thursday, 31 March 2016 12:11 PM

මහජන මුදල් හොරා කාපු එවුන්නම් මතු උපදින්නේ මල පෙරේතයෝ වෙලා හැබැයි මේ මිනිසුන්ටනම් මෙලොවදීම මේවා පලදෙන්න ඕන (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site