IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 400ක රත්‍රං යතුරුපැදියෙන් ගෙනියද්දී අල්ලයි

(එච්.චන්දන)
 
ලක්ෂ 400 පමණ රත්‍රං තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු දළුව කලපුව ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
 
සැකකරු පුත්තලම කොළඹ මාර්ගයේ නාගවිල්ළු ප්‍රදේශයේ පදිංචිකරුවකි.
 
පොලිස් විශේෂ කාර්යංශයේ පුත්තලම ඒකකයට ලැබුණු තොරතුරක් මත  කළ විශේෂ වැටලමකදී මෙම රත්‍රං තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙහි විවිධ ප්‍රමාණයේ රත්‍රං කැබලි, ගුලි කිලෝ 4 ½ ආසන්න ප්‍රමාණයක්  ඉටි මල්ලක පාර්සල් කර තිබියදී පොලීසිය සොයා ගෙන තිබේ. මෙම රත්තරං තොගය අද(27) දා රාත්‍රියේ කල්පිටියෙන් දකුණ ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයාට මෙම රත්‍රං තොගය කෙසේ ලැබුණේද, මෙය රැගෙන ගියේ කුමකට යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පුත්තලම පොලීසිය ආරම්භ කර ඇත.



අදහස් (1)

ලක්ෂ 400ක රත්‍රං යතුරුපැදියෙන් ගෙනියද්දී අල්ලයි

Nihal Sunday, 27 September 2020 04:03 AM

රත්‍රන් තමන්ගේ නම් දකුණු ඉන්දියාවට නොවේ කොයි රටකට අරන් ගියත්, මෙයාලට මොකද්ද තියෙන අමාරුව?.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site