(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග මෝටර් රථ දෙකක්, යතුරු පැදි දෙකක්, ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන 42 හැවිරිදි අයෙකි.
මෙම සැකකරු කුලී පදනමට යොදා ගත් මෝටර් රථ යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව කියයි.
පුත්තලම පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත පුත්තලම නගරයේ හෙරොයින් බෙදාහැරීම සදහා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී රැකවල් ලා සිට අත් අඩංගුවට ගත් බව කියයි. සැකකරු සන්තකයේ තිබු හෙරෝයින් ග්‍රෑම් 75 ක් සමග හෙරෝයින් ජාවාරමෙන් අද අලුයම ලබා ගත් රුපියල් 2 62,500 මුදලක් ද සොයාගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදි හෙළි වී ඇත්තේ මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ගිනි අවි අලෙවි කිරීමේ ජාවාරමක්ද මෙහෙය වු අයකු බවයි.අදාල සැකකරු මෙම ගිනි අවි ජාවාරම සම්බන්ධව ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් 2008 වසරේ ටී.56 ගිනි අවි තුනක් පිස්තෝලයක් සමග අත් අඩංගුවට ගෙන තිබු බවත් 2018 වසරේදි නිදහස් කර ඇති බවය.
අත් අඩංගුවට ගත් සැකකරු හෙරොයින්, වාහන සමග මුදල් පුත්තලම මුලස්ථාන පොලිසියට බාර දී තිබේ .
පුත්තලම පොලිසය මගින් මෙම සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට
අනුර Saturday, 12 September 2020 05:34 AM
2018 වර්ෂයේදී මෙම පුද්ගලයා නිදහස් කර ඇත්තේ LTTE සමග අවි ජාවාරම් කළ බව නිසි පරීක්ෂණ නොකර බව පැහැදිලිය. ඔන්න යහපාලන සමයේ වැඩ...
Lakmal Saturday, 12 September 2020 06:40 AM
රටට කුඩු ගේන මහමුල් ටික අල්ලන් නැතුව රට ඇතුලේ කුඩු බෙදාහරින්නෝ ඇල්ලුවා කියලා කුඩු උවදුර නැති කරන්න බෑ. කාවද මේ රවට්ටන්න හදන්නේ?
vikum Saturday, 12 September 2020 08:24 AM
බලාගෙන ගියාම රටේ හොඳම ආදායම හා ව්‍යාපාරය කුඩු බිස්නස් වෙලා තිබිලා තියෙන්නේ..., දැන් ඔය අල්ලන මිනිස්සු ටික කාලෙකින් ආපහු නිදහස් වෙනවා. ආයෙත් පුරුදු ජොබ් එක කරනවා ඒක නිසා හොඳම විකල්පය, හමුදා ආරක්ෂාව යටතේ ඔවුන් රජයේ සනීපාරක්ෂක කටයුතු සඳහා ජීවිතානතය තෙක් දායක කරගැනීම, දැන් හිරගෙවල්වල 30000ක් විතර ඉන්නවා කියලා කියනවා.. එ්ක නිසා වැව් අමුණු සුද්ද කිරීමට මොවුන් දායක කරගැනීම වඩාත් උචිතයි.
Hector Saturday, 12 September 2020 09:50 AM
එන්න නරඹන්න අලුත්ම පිට වාර්තා පිට වාර්තා තියමින් දැන් කුඩු තිරයේ පෙන්වනු ලැබේ. ජය වේවා..!!!
අංජන Saturday, 12 September 2020 07:36 PM
හෙරොයින්.. වමතින් දකුණතට...