රුපියල් විසිහත් ලක්ෂ අනු දහසක් වටිනා රන් කැබලි පහක් ගුද මාර්ග වල සගවාගෙන ඉන්දියාව බලා යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයන් තිදෙනෙකුට රුපියල් අනූපන්දහසක දඩ නියම කළ රේගුව එම රන් කැබලි රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂන නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ජී.එස්.වී ගාමිණීපාල සහ සී විජේසිංහ යන නිලධාරීහු අද සිදු කළහ.
මෙසේ දඩ නියම වුයේ කල්මුණේ සහ වැල්ලම්පිටිය ප‍්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 28, 34 සහ 48 වියේ පසුවන පුද්ගලයින් තිදෙනෙකුටය.
මොවුන්ගෙන් දෙදෙනෙක් මුම්බායි බලාද, අනෙකා චෙන්නායි බලාද යාමට කටුනායකට පැමිණ සිටි බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග්‍රරෑම් පන්සිය පනස් අටකි.
මොවුහු නිතර නිතර ඉන්දියාවට යන එන බවත් කුලී පදනම මත රන් ප‍්‍රවාහනය කරන්නන් බවත් රේගුව කියයි.
මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධයක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ජී.එස්.වී ගාමිණීපාල සහ සී විජේසිංහ යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන කේ.ජී ආරියපාල, සී. පෙරිම්බනායගම් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන සරත් අතුකෝරල, ඉඳුනිල් උදය, කීර්ති හේරත්, අසංක ප‍්‍රියදර්ශන, චන්දන ධර්මප‍්‍රිය මැකිව් ප‍්‍රනාන්දු සහ නිමන්ති ප‍්‍රනාන්දු යන නිලධාරීහු සිදු කළහ.
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලක්ෂ විසි හතක රන් එළියට
විශ්ව Wednesday, 15 January 2014 04:06 PM
ලාංකිකයෝ කියා කියන්නත් ලැජ්ජයි (දී)
ශ්‍රියන්ත Wednesday, 15 January 2014 04:06 PM
ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගත් මිනිස්සු (දී)
ආරියසේන Wednesday, 15 January 2014 08:17 PM
ගුද මාර්ගයටත් නිදහසක් නැති හැටි.(අ)
සත්‍යයා Thursday, 16 January 2014 07:46 AM
ඉස්සර නම් මිනිස්සු "ගුද" කියන වචනය ඇහෙන කොටත් මුහුණු ඇඹුල් කර ගන්නවා. නමුත් වර්තමානයේ ගුද කුලියට දීම ප්‍රධාන ආදායම් මාර්ගයක් වී තිබෙනවා. ස්වයං රැකියා වර්ගී කරණයට මෙය අනිවාර්යයෙන්ම ඇතුළත් කර ගත යුතුව තිබෙනවා.(නදී)