IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්ෂ විසි දෙකක රන් ගේන්න හදලා

රන් මාල 101 ඇතුළු   ස්වරනාභරණ තොගයක්   ගමන් මල්ලේ සගවාගෙන  සාජා සිට මෙරටට  පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

කහ පැහැ රන් මාල 68 ක්, කහ පැහැ රන් බේස්ලට් 48ක්, රෝස  පැහැ රන් මාල 9 යක්,  සුදු රත්තරන් මාල 44 ක්,  රන් කරාබු ජෝඩු 10 යක් ,  පෙන්ඩන්ටි 02 ක්,  පලේඩියම් ලෝහ කැබලි දෙකක් සහ රිදී ග්‍රෑම් 45 ක් අත්අඩංගුවට ගත් භාන්ඩ අතර ඇති බව රේගුව කියයි.

එහි වටිනාකම රුපියල්  විසි දෙලක්ෂ හතලිස්  දහස් හයසිය විසිපහකි.

මොහු එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක  දිපාල් සිරිබද්ධන මහතාගේ  අධීක්ෂනය යටතේ රේගු ඇධිකාරී  ඩී.එම්.ඒ නිමල් තිලක, නියෝජය රේගු අධිකාරී විපුල ප්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරී  එම්.අයි රෂීක්, ඩී.ඩී.එස්.සී මයිකල්, අයි.එම්.එල් දුෂ්‍යන්ත, ඒ.ඒ.ඩී.සී ශාන්තප්‍රිය, අජිත් සිරිවර්ධන, පී.එච්.යු.අයි විෙජ්පාල යන නිලධාරීහු සිදුකරති.
   



අදහස් (0)

ලක්ෂ විසි දෙකක රන් ගේන්න හදලා

සත්‍යා Saturday, 08 February 2014 08:28 AM

එගොඩ ගොඩෙත් රත්තරන් මෙගොඩ ගොඩෙත් "රත්තරන්". කන්න නැතත් බොන්න නැතත් හැම තැනකම රත්තරන්.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site