IMG-LOGO

‘ලංකාවේ 40ක් පැනමාවේ කළු සල්ලි හංගලා‘

පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළැයි කියන ලොව රටවල් 200ක ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් ඇතුළු පිරිස් අතර ශ්‍රී ලංකාවේ 40 දෙනකුගේද නම් ඇතැයි ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය කියයි.

කලින් නම් හෙළි නොවුණු ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බවත් පැනමාවේ මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගමෙන් කෝටි දස ලක්ෂයක් පමණ ලියවිලි පිටවී ඇතැයි ද කළු සල්ලි සුදු කිරීමටත් රට රටවල නීතිවලින් හා බදු වලින් පැන යාමටත් මෙම සමාගම උදව් කර ඇතැයි කියති.

ශ්‍රී ලංකාවේ 40 දෙනකුගේ නම් මෙම ලියවිලිවල ඇතැයිද ජනමාධ්‍ය සංසදය කියයි. මීට පෙර සඳහන් කැරුණේ ශ්‍රී ලංකාවේ 46 දෙනකුගේ නම් එම මුදල් තැන්පත් කළ අය අතර ඇති බවයි.

 



අදහස් (0)

‘ලංකාවේ 40ක් පැනමාවේ කළු සල්ලි හංගලා‘

රන්බණ්ඩා Tuesday, 10 May 2016 12:00 AM

ඕනෑනම් මම කියන්නද නම් ටික? බය නැතුව ඇත්ත කියන්න ඕනෑ (නි)

:       0       0

රත්න Tuesday, 10 May 2016 12:56 AM

මේ නාම ලේඛනය ඉක්මණින් දැනගන්නයි අපිට ඕනෑ (නි)

:       0       0

ගෞරි Tuesday, 10 May 2016 02:37 AM

මේ නම් ටික ඉක්මනට හෙළිවෙන්න ඕනෑ. එතකොට තමයි ලොව පොහොසත් අය අතරේ ලංකාවේ 40 දෙනෙක් ඉන්නවා කියලා ලාංකික වශයෙන් අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් (නි)

:       0       0

ජනක Tuesday, 10 May 2016 03:31 AM

බ්‍රිතාන්‍ය අගමැති ගේ නම, අයිස් ලන්තයේ අගමැතිගේ නම, රුසියාවේ ජනාධිපතිගේ නම හෙළිකරා ජනමාධ්‍ය වලින්, ඒත් අපේ රටේ අයගේ නම් හෙළි කරන්නේ නැහැ. අපේ අය එයාලටත් වඩා ලොකුයි නේද?(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 May 2016 05:25 AM

ලංකාවේ හංගන්න බැරි නිසානේ එහේ හංගලා තියෙන්නේ. අනික ඕවා ප්‍රසිද්ධ කළයි කියලා ඇති වැඩකුත් නැහැනේ.සතියක් මාසයක් අවුරුද්දක් ඔය ගැන කතා කරයි.ඊටපස්සේ මට මතක නැහැ තමයි.(හේ)

:       0       0

සමන්ති Tuesday, 10 May 2016 02:10 PM

අර වෙලේ ලිඳේ බාල්දියෙන් නාන එක්කෙනාගේ කොම්පැනියේ නමත් තියෙනවා (හේ)

:       0       0

අජිත් Monday, 09 May 2016 02:10 PM

ෂුවර් එකටම 46ක් ඇති 6 දෙනෙක් ගේ නම් හෙලි නොකිරීමට පගාවක් කාට හරි දීල ඇති ? (බ)

:       0       0

ලලිත් Monday, 09 May 2016 02:39 PM

හතළිහයි පනහයි කියකිය ඉන්නේ නැතිව නම් ටික කිවුවනම් වැඩේ ඉවරයිනේ. වෙලාවකට මේ සංසද කාරයොත් අර මොකක්ද හංගගෙන මොකෙන්ද කෙලින්න යනවා වගේ වැඩ තමයි කරන්නේ. එක්කෝ ඔය කියන්නේ බොරුවක්. නැතිනම් නම්ටික කියන්න පණ බයේ ඉන්නවා. (බ)

:       0       0

අප්පුහාමි Monday, 09 May 2016 02:46 PM

හෙට උදේට බලාගන්න පුළුවන්. නම් ලිස්ට් එක අද රෑට ප්‍රසිද්ධ කරනවා (බ)

:       0       0

ස්මිත් Monday, 09 May 2016 02:51 PM

හයදෙනෙක් සල්ලි දීලා තමන්ගේ නම අයින් කරගෙන වගේ! (බ)

:       0       0

නවරත්න බණ්ඩාර Monday, 09 May 2016 03:29 PM

එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් දැනගන්න ලැබෙයි. (ර)

:       0       0

ටිකිරි Monday, 09 May 2016 05:20 PM

ලෝකයේ සිටින දරුණුම ගණයේ හොරු ටික ඉන්නේ කොහෙද කියලා අපි නම් එදා ඉඳලම දන්නවා. (නි)

:       0       0

එඩ්වඩ් Monday, 09 May 2016 05:20 PM

මේවා මෙහෙම එළිවෙයි කියලා එයාලා කවදාවත් හිතුවේ නැතුව ඇති (නි)

:       0       0

සුසන්ත Monday, 09 May 2016 05:23 PM

කොහේ එළිකරන්නද නේද? අපිත් දන්නවා හේතුව. ඔන්න අර හැමවෙලේම කරළියට එන නමවත් තිබුණා නම් තකහනියේ එළිකරන්න තිබුණා. ඇඟ ලොකු මන්ත්‍රී කෙනෙක් සද්දේ දාගෙන ආවා ඒ නමත් තියනවා කියාගෙන දැන් ටික දවසකට කලින්. ලිස්ට් එක එළියට අාවට පස්සේ ඒ මන්ත්‍රී දකින්නවත් නැහැ (නි)

:       0       0

අරවින්ද Monday, 09 May 2016 05:23 PM

දැන්වත් මොවුන් ගැන හෙළිකරලා, ගසාකාපු ධනස්කන්දය රාජසන්තක කරලා කම්බා හොරුන්ට දැඩි දඬුවන් දෙන්න (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 09 May 2016 05:25 PM

රටේ දේශපාලනයේ බිම් මට්ටමේ අය පවා එක ගැහිල්ලකින් රුපියල් ලක්ෂ 66,000 ක් ගසා කාලා තිබුනා. මේවා ගැන පරීක්ෂණයක් කරන්නේ කවදාද?දඬුවම් දෙන්නේ කවදාද? (නි)

:       0       0

රජිත් Monday, 09 May 2016 05:36 PM

හෙට එෆ්.බී. එකෙන් ඔක්කොම බලාගන්න පුළුවන් අපිට (නි)

:       0       0

චතුරි Monday, 09 May 2016 06:51 PM

ඉතුරු නම් ටික කෙසේවෙතත් තවත් ගොඩක් දේවල් හෙට එළිවෙනකොට ඉල්ලා අස්කර ගනීවි (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 09 May 2016 07:01 PM

බලාගෙන යනකොට මේ ගණන නම් අපි හිතුවාට වඩා හොඳටම අඩුයි (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 09 May 2016 07:14 PM

අනිත් හය දෙනා කවුද කියලා කාට කාටත් හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

ලසන්ත Monday, 09 May 2016 09:31 PM

බලාගෙන යනකොට අපි හිතුවේ නැති නම්ලුනේ ඔක්කොම තියෙන්නේ. අපිට මෙදා පාර නම් ඇත්තටම වැරදුනා (නි)

:       0       0

තුෂාර Monday, 09 May 2016 09:37 PM

මාර වැඩේ කියන්නේ අපි ගොඩක් විශ්වාස කළ අයමනේ පැනමා වල ඉන්නේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site