ඉන්දියා රජය මෙරට ආරක්ෂක අංශයන්හි දියුණුවට මෙන්ම රටේ සංවර්ධනය සඳහා දෙන ආධාර පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්තූතිය හිමිවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී මනෝහාර් පරික්කාර් සමග පැවැති විශේෂ හමුවේදී පැවසීය.
ලංකාව සංවර්ධන ඉලක්ක කරා ගමන් කරමින් සිටින බව ද ඉන්දියාවේ චාරිකාවක යෙදෙන විජයවර්ධන මහතා කීවේය.
දීර්ඝ කාලයක සිට සමීපතම මිතුරකු ලෙස ඉන්දීය රජය දෙන සහාය අගය කරන බව පැවසූ ඇමැතිවරයා, ශ්‍රී ලංකාව කිසිදු ආකාරයක කිසිදු රටක අභිමතාර්ථ ඉටුකර ගැනීමට මධ්‍යස්ථානයක් වීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සැමවිටම ස්වාධීනව කටයුතු කරමින් හැම රටක් සමගම මධ්‍යස්ථ විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔහු කීවේය.
ධීවර කටයුතු සම්බන්ධයෙන් මෙරට උතුරු මුහුදු සීමාවේ මතුව ඇති ගැටළු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටළුව සුහදව විසඳාගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය වෙත ඒ පිළිබඳව කරුණු දැනුම්දෙන බව ඉන්දීය ආරක්ෂක ඇමැති පැවසීය.
විජයවර්ධන මහතා ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා වෙත සමරු සිහිවටනයක් පිරිනැමීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ලංකාව හැමවිටම ස්වාධීනයි‘