IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්

(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර වැඩසටහන හරහා  මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන  වැඩසටහන  අඛණ්ඩව  ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවේ පැවැසූහ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ.  

මේ වන විට  ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී  නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට  ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත පළ කළහ.

ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ  මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 55 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site