IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාවට ඉන්දියාවෙන් කෝච්චි ඇන්ජින් 22ක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ALCO ඩිසල් එන්ජින් 22 ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩි දියුණු කළ එන්ජින් 20 ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 2 ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළ කර ඇත. 

එකී දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 5ක කාලයකට ලබා දීම සඳහා වන නොකැඳ වූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේරු උපදේශක සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RITES සමාගම විසින් ඉදිරිපත් කර තිබේ. 

එම යෝජනාව ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට 2024-06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ප්‍රදානයක් වශයෙන් ලබා දෙන අදාළ දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, එකී දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මඟින් එම කාර්ය ඉටු කරවා ගැනීම යෝග්‍ය බවත් ව්‍යාපෘති කමිටුව විසින් පෙන්වා දී ඇත. 

ඒ අනුව, ප්‍රථම කොට අදාළ ප්‍රදාන ගිවිසුමට අත්සන් තබා දුම්රිය එන්ජින් 22 ක ප්‍රදානය ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (6)

ලංකාවට ඉන්දියාවෙන් කෝච්චි ඇන්ජින් 22ක්

Kamal Koyrala Tuesday, 10 December 2024 01:49 PM

මේ දුම්රිය තාක්ෂණික ගැටළු ඇති... ඒවා කඳුකර මාර්ගවල ගමන් කළ නොහැකි සහ තිරිංග පද්ධතියේ දෝෂ ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් විසින් දන්නවා ඇති අතර... ලංකාවට සුදුසු නොමැති බව ප්‍රකාශ කර ඇති... දැන් මෙකී අය සම්බන්ධව මොකද කියන්නේ...?

:       0       0

සමන් විමල් Tuesday, 10 December 2024 03:08 PM

පෙට්ටි ගණනට එන්ජින් තිබුණත් වැඩක් නැහැ. ස්ට්‍රයික්නේ හැමදාම...

:       3       19

fairoos Tuesday, 10 December 2024 07:02 PM

ඉස්සරත් ඔය වගේ එන්ජින් අපිට ලැබිලා තියෙනවා... ඒවා තාම එතනමයි. ඒ කාලේ අපේ නිලධාරීන්ගේ වැඩ.

:       0       0

AD Tuesday, 10 December 2024 07:41 PM

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ALCO ඩිසල් එන්ජින් 22 ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් වශයෙන් ලබා ඇත. සෑම ප්‍රදානයක්ම ප්‍රදානයක් නොවේ. මෙය ප්‍රදානයක් වුවත් මෙම ප්‍රදානය ලබාදීම මගින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව රවටා ඇති බවක් පෙනේ. ප්‍රදානය මගින් ඉන්දියාව යම් ආකාරයකට වර්තමාන මාලිමා ආණ්ඩුව සමග මිත්‍රත්වයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම සහ මෙම ප්‍රදානය ඉන්දියාවට වාසි සහගත ප්‍රදානයකි. ලංකාවට වන්නා වූ අවාසිය පිළිබඳව රජය සොයාබැලීමක් කළයුතු වේ...

:       0       0

Kumar Wednesday, 11 December 2024 06:49 AM

තව වසර ගණනාවකට අමතර කොටස් ගන්න වෙන්නේ ඉන්දියාවෙන් නේද?

:       0       0

Bunny Preena Wednesday, 11 December 2024 09:09 AM

මට මතකයි මීට පෙරත් තවත් රටකින් ගෙන්වන ලද දුම්රිය අංගන සහ මැදිරි වගයක් ධාවනයට බැරිව ගාල් කරලා තියෙනවා කියලා පුවත් පත් වල සඳහන් කරලා තිබුණා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site