සිංගප්පූරුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාව ආ විගස අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට අද දැනුම් දුන්නේය. ඔහු ලංකාවට ආ විට අත්අඩංගුවට ගන් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වන්නැයි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා අධිකරණයට දැන්වූ විට එසේ අවශ්‍ය නැති බවත් තමා ඔහු ඉදිරිපත් කිරීමට පොරොන්දු වන බවත් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කීවේය. පසුගිය පළාත් පාලන ඡන්දය දා කොලොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු නියෝජ්‍ය ඇමැති ඇතුළු සිවු දෙනකු මරාදැමී යැයි කියන සිද්ධිය අද විභාගයට ගැනුනු අවස්ථාවේ මහෙස්ත්‍රාත් පැවැසුයේ විත්තියෙන් ඉල්ලා සිටි ලියවිලි ලබා ගැනීමට විත්තියට අවසර ඇත්තේ මහාධිකරණයේ නඩු පැවැරූ පසුව බවයි. එම ඉල්ලීම කළ හේමන්ත වර්ණකුලසුරිය මහතා දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටීම ද ප්‍රශ්නයක් බව කී මහේස්ත්‍රාත් රටේ නැති සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුට ඒ සඳහා ඔහුගෙන් ලිඛිත අවසරයක් තිබිය යුතු යැයි ද එවැන්නක් උසාවියට ඉදිරිපත් කැර නැතැයි ද ප්‍රකාශ කෙළේය. එහෙත් මේ ගැන ඉහළ උසාවි තීන්දුවක් ඇතැයි නීතිඥයා කීවේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ලංකාවට ආ ගමන් දුමින්ද අල්ලනවා‘
සමීර Tuesday, 29 November 2011 12:23 PM
ලංකාවට ආපු ගමන්ම අල්ලා ගන්න බව දන්න නිසා, බලමු අපි මොකද වෙන්නෙ කියලා.....
Tuan Tuesday, 29 November 2011 12:10 PM
දුමින්ද ඉන්නේ සිංගප්පූරුවෙ නෙමේ. ඕස්ට්‍රේලියාවෙ
විදුරංග විතානගේ Tuesday, 29 November 2011 12:11 PM
දුමින්ද ලංකාවට එද්දි මේවා අමතක වෙලා තියෙයි.
දුමි Tuesday, 29 November 2011 12:48 PM
අල්ලයි අල්ලයි
සමිත Tuesday, 29 November 2011 12:55 PM
හිනා යනව ....
තිලංක Tuesday, 29 November 2011 12:43 PM
දුමින්ද මැතිතුමා ලංකාවට අයෙ පා තබයිද?
රංග චමින්ද Tuesday, 29 November 2011 01:13 PM
දුමින්දට ඉක්මනින් සුව වේවා!!
Greezepiya Tuesday, 29 November 2011 01:11 PM
හිනා යනවා මේවා කියවල...
සිසිර කුමාර Tuesday, 29 November 2011 01:32 PM
අල්ලන් ලංකාවට එන්න එපැයි. කවුද දන්නෙ වෙන නමකින් එයිද කියලා
ජෙරම්ද සිල්වා Tuesday, 29 November 2011 01:48 PM
දුමින්දව නිතීය ඉදිරියට ගෙනල්‍ලා දඩුවම් දිමට හැකි නම් ඒදාට තමයි ශ්‍රි ලංකාව ප්‍රජාතන්‍ත්‍රවාදි කියලා පිලිගන්‍න පුලුවන්.
මන්ජු Tuesday, 29 November 2011 01:49 PM
හිනා යනවා
හේරත් Tuesday, 29 November 2011 01:51 PM
ඔන්න ආණ්ඩුවට වැඩ පෙන්නන්න අවස්ථාවක්. පුළුවන්නම් අල්ලල පෙන්නන්න.
සුමුදු Tuesday, 29 November 2011 01:56 PM
මේක තවත් එක කතාවක් විතරයි
maithreepala Tuesday, 29 November 2011 01:59 PM
අනේ දුමින්ද, ඔයා ආයෙ ලංකාවට එන්න එපා
nonamahaththaya Tuesday, 29 November 2011 02:52 PM
දඩුවම් නොදී ආරක්ෂා කළත් ස්වභාව ධර්මය වෙලාවට නිසි දඩුවම් දෙනවා
සමන් Tuesday, 29 November 2011 04:14 PM
ලංකාවට ඇවිත් වෙනදා වගේ ජීවිතේ ගත කරයි
අරවින්ද Tuesday, 29 November 2011 11:25 AM
අපිට ඉතින් මුකුත් තේරෙන්නේ නැතිලු ඉතින්..
Mal Koba Tuesday, 29 November 2011 11:47 AM
ඇත්තද?
පුතා Tuesday, 29 November 2011 12:08 PM
මොකක්ද? දුමින්දව අල්ලනවා?
ප්‍රභාත් Tuesday, 29 November 2011 12:11 PM
හිනා යනවා මේවා කියවල
පොර Tuesday, 29 November 2011 12:18 PM
කවුද මේ දුමින්ද සිල්වා?