IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලංකාවට අත පෙවීම චීනය හෙළාදකී

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ලොව ඇතැම් රටවල් සිදුකරන අතපෙවීම් හෙළා දකින්නේයැයි චීනය කියයි.

චීනයේ විදේශ අමාත්‍ය ප්‍රකාශිකා හුවා චුන්ග්යින්ග් පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසුවාය.

ශ්‍රී ලංකාවට රටේ අභ්‍යන්තර ගැටලූ විසදාගැනීමේ හැකියාවක් තිඛෙන බවත් එනිසා ඇතැම් රටවල් සිදුකරන අතපෙවීම් වලට විරෝධතාවය පෑමට ශී්‍රලංකාවට අයිතිය ඇතැයි චීනය පිළිගන්නා බවත් ඇය කීවාය.

විශේෂයෙන් මානව අයිතිවාසිකම් මුල් කරගනිමින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන ඇතැම් රටවල් කෙරෙහි චීනයේ කිසිදු ප්‍රසාදයක් නැති බවත් ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් හා චීන අගමැති ලි යුවන්චෝ හා චීන විදේශ අමාත්‍ය වැන්ග් ලී අතර පසුගියදා චීනයේදී හමුවක්ද පැවැත්වුනි.

එහිදී ශී්‍රලංකාවේ ප්‍රගතිය ගැන ඔවුන් දැනුම්වත් කර තිඛෙන අමාත්‍යවරයා 2014 වසර අවසානය වන විට චීනය හා ශ්‍රී ලංකාව එළැඹ තිඛෙන නිදහස් වෙළද ගිවිසුම් වල කටයුතු අවසානයක් කළ යුතුයැයිද පෙන්වා දී තිබේ.ඔහුගේ අදහස වී ඇත්තේ අපේක්ෂිත ආර්ථීක සංවර්ධන ඉලක්කයන් කරා යාමට ශ්‍රී ලංකාවට දැන් හැකියාව ඇති බවයි.

අමාත්‍යවරයාගේ අදහස පිළිගෙන ඇති චීන අගමැතිවරයා හා විදේශ ඇමතිවරයා ඉදිරියටත් චීනයේ සහය ශ්‍රී ලංකාවට ලැඛෙනු ඇතැයිද සහතික කර තිබේ.

 



අදහස් (0)

ලංකාවට අත පෙවීම චීනය හෙළාදකී

හර්ෂ Monday, 17 February 2014 08:08 AM

අපේ වැඩ අපි බලා ගන්නම් අනවශ්‍ය ඇගිලි ගැසීම් වලින් වලකින්න (දී)

:       0       0

චාමි Sunday, 16 February 2014 03:37 PM

චීනගේ වෙළඳපොළ ඉතින් මේකනේ (නි)

:       0       0

අල්විස් Sunday, 16 February 2014 03:46 PM

මේ විදිහට ලෝකයේ ප්‍රගතිශීලි රටවල් මගේ මවුබිම වෙනුවෙන් සහාය දෙන්න ඉදිරිපත් වීම අපේ රටේ ඉන්න කාටත් ආඩම්බරයක්. (නි)

:       0       0

මනෝජ්-සාජා Sunday, 16 February 2014 08:31 PM

අන්න ඉන්දියා ලොකු අය්යා හිත නරක් කරගෙනලු (දී).

:       0       0

නුවන් Sunday, 16 February 2014 08:35 PM

ඔව් ඉතින් චිනගේ ලොකුම ණය ගැතිය අපිනේ.අපිට ආදරේට නෙමේ ඔය කතා කරන්නේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site