තමා උපන් එංගලන්තය ප්‍රමාඛ යුරෝපා රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි එල්ල කරන බලපෑම මෘග ක්‍රියාවකයි බ්‍රිතාන්‍ය ජාතික මහා බ්‍රිතාන්‍යයේ කාශප හිමියෝ ප්‍රකාශ කරති. අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ ආගමික වතාවත් රැසකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හා සැදැවතුන් අමතමින් කාශ්‍යප හිමියෝ මේ බව කීහ. හිමියන් චතුර ලෙස සිංහල භාෂාවෙන් කතා කළහ. ‘අතීත රජකාලේ පටන් මානව හිමිකම් ආරක්ෂා කළ බෞද්ධ ජාතිය ප්‍රමුඛකරගත් ශ්‍රී ලංකිකයිනට චෝදන එල්ල කිරීමට තරම් ඇමෙරිකාවටත් එංගලන්තයටත් අයිතියක් නැතැයි ද ඒ හිමියෝ පෙන්වා දුන්හ. ‘‘ මම එක්සත් රාජධානියෙත්, ශ්‍රී ලංකාවෙත් ජිවත් වු කෙනෙක්. වයස අවුරුදු 13 සිට බෞද්ධාගම වැළඳ ගත්තා. 1985 වසරේ සිට ශ්‍රී ලංකාවේ දී වැඩ සිටිමින් සිදු වූ සියලු දේ දැක තිබෙනවා. රජය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කැර තිබෙනවා මිස බටහිර ජාතීන් කියන අසාධාරණකම් සිද්ධවෙලා නෑ කියලා මම කියනවා. ලබන සතියේ සිට මම මගේ ගම වන ලන්ඩනයේ, ඩයනා කුමරියගේ මාළිගාවට නුදුරු ප්‍රදේශයේ පිහිටි උපන් ගමට යනවා. මම එහිදී වුවත් මේ ශ්‍රී ලංකාවට එරෙහි අසාධාරණය ගැන කීමට සූදානම්‘‘ යැයි කාශ්‍යප හිමියෝ කීහ. එම හිමියෝ වාර්ෂිකව රුවන්වැලි සෑයට ගුවනින් මල්පෙති ඉසීමේ පූජාවක් පවත්වති. මෙවර පූජාව පෙරේදා සිදුවිය.
2025 නොවැම්බර් මස 04
732
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘ලංකාවට අත දිගු කරන්න බටහිරට බෑ‘‘