රාජ්‍ය සේවයේ කෙළින් වැඩකරන මිනිස්සු හරි අඩුයි. ඒත් තවමත් එහෙම අතලොස්සක් ඉන්නව... මෙහෙම කෙළින් වැඩකරන සභාපති කෙනෙක් දැන් රාජ්‍ය ආයතන ගණනක් භාරව ඉන්නව. ඉන් එකක් මූල්‍ය ආයතනයක්. අනික මාධ්‍යට සම්බන්ධ තැනක්ලු...
ඉතින් මේ වගේ ඉන්න කාටවත් මේ අත්දැකීම් බහුල සභාපති නටවන්න බැරිලු. ඒ නිසා එක්තරා අද්දියක්ෂක මට්ටමේ ඉන්න, නොහොත් හුටපටවලට නම ගෑවිච්ච පොරක් දැන් ආණ්ඩුවෙ ඉහළම කන්තෝරැවලට ගිහින් කියනවලු "යහපාලනේ ගෙනාවෙ අපි.. අහවල් ලොක්ක... අපිට කපනව.. අනේ ඉතින් මෙයාව යවල යහපාලනේ පිළිවෙළක් කරන්න කියල..."
පසුගිය දවසක ආණ්ඩුවෙ ඉහළම තැන් දෙකකට මේ සභාපති තැන ගැන ඔය විදියට ලැබුණු පැමිණිලි පිළිබඳව ඒ ලොක්කො දෙන්නම සභාපති තැනගෙන් ප්‍රශ්න කළා.
මේ විදියට ප්‍රශ්න කළාම සභාපති තැන මේ අද්දියක්ෂකට තියන චෝදනා පත්තරේ චෝදනා 10ක් විතර එක දිගට කියාගෙන ගියාලු. මේ සේරම බරපතළ කතාලු. රැපියල් ලක්ෂ ගණන්වල කතන්දරලු. ඉතින් මේ කතන්දරවලට සවන්දුන්න ආණ්ඩුවෙ ඉහළම පුටුවක ඉන්න මහත්තයෙක් අන්තිමට මෙහෙම කීවලු...
"අයියෝ අපි දන්නෙ නැහැනේ ඕව... සභාපතිතුමා අවවාද කරල හදාගන්න... බැරිනම් මට කියන්නකො... මම බලාගන්නම්" කියල.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොක්කා පැන්නිල්ල