IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලාංකිකයා කුවේට් ගිහින් කසිප්පු පෙරයි

කුවේට් රාජ්‍යෙය් කුවේට් නගරයේදී  කසිප්පු බොතල 121 ක් සමඟ  ශ්‍රී ලාංකිකයකු මුඛාරක් අල් කබීර් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව අල් වටාන් පුවත්පත කියයි.

අලුත් අවුරුද්ද සදහා ඔහු මෙම මත්පැන් තොගය පෙරන්නට ඇතැයිද එම පුවත්පත පවසයි.

 

 

 

 



අදහස් (0)

ලාංකිකයා කුවේට් ගිහින් කසිප්පු පෙරයි

නිමල් ලලිතා Friday, 03 January 2014 09:34 PM

80 දශකයේදී නම් ටිකක් පෙරාගෙන තමන් පානය කරපු එක විතරයි කළේ.(නදී)

:       0       0

හිෂාන් Friday, 03 January 2014 10:09 PM

මෙහෙ පුරුද්දට එහෙ ගිහිනුත් කසිප්පු පෙරනවා ඇති.(නදී)

:       0       0

සඳරුවන් Friday, 03 January 2014 11:28 PM

බලන්න හසන්ත මහත්තයෝ කුවේට් රටෙත් අපේ අය කසිප්පු පෙරනවා. මේකද අපි බලපොරෝතුවෙන් හිටපු ආසියාවේ ආශ්චර්ය? (නදී)

:       0       0

නිශ්ශංක Saturday, 04 January 2014 12:04 AM

ඔයාලා ලංකාවෙ නම් පොලිසිය එද්දී සරම් කඩාගෙන වෙල් දිගේ දුවන්නේ? පොලිසිය ලගටම එනකම් පොල් ගෑවද? (නදී)

:       0       0

විදයා Saturday, 04 January 2014 12:14 AM

කලබල වෙන්න එපා ළමයිනේ . මේ දරුවා කරලා තියෙන්නේ පුරුදු රැකියාවනේ.(නදී)

:       0       0

ශාන්ති Saturday, 04 January 2014 01:18 AM

එයාට නත්තලට විකුණා ගන්ඩ බැරි වෙලාද අපරාදේ නේද? (නදී)

:       0       0

චතූ Saturday, 04 January 2014 01:21 AM

ලංකාවට විදේශ විනිමය ගේන්න හදලා ඒකයි.(නදී)

:       0       0

කලන Saturday, 04 January 2014 08:40 PM

ආරේ ගති නෑරේ (දී)

:       0       0

මල්කා කුමුදුනී Saturday, 04 January 2014 01:27 AM

මෙහේ ඔන තරම් ඉන්නවා බැරල් ගනන් පෙරන අය. අපේ රට විනාශයි.(නදී)

:       0       0

ශාන් Saturday, 04 January 2014 01:52 AM

මගේ යාලුවෙක් කියපු විදිහට මේවගේ දේවල් මැද පෙරදිග ප්‍රසිද්ද රහස්. සල්ලි නිසා රස්සාවල් වලට ගියාට වැලි කතරේ ජිවත් වෙන එක හරිම අමාරුයි. යම් සහනයක් සොයන්න මිනිසුන් මත්පැන් හොයනවා. ඉල්ලුම තියනකොට සැපයුමත් තියනවා. මෙතැනදී මෙයාගෙන් බොන කෙනෙක් ඔත්තුව දෙන්න ඇති.(නදී)

:       0       0

නලින් Saturday, 04 January 2014 09:38 PM

හරිම ආඩම්බරයි හසන්ත, රටම ස්වයන්පෝෂිත කර විදෙස් රටවලට පවා මේ කර්මාන්තය ගෙන යනවා. රජ කාලෙත් ඔහොම කලා කියල අහල තියනවා. (නදී)

:       0       0

රවී Saturday, 04 January 2014 02:55 AM

නියම මිනිහෙක්.(නදී)

:       0       0

සෑම් Saturday, 04 January 2014 04:44 AM

ඕවට කසිප්පු කියා කියන්නේ ලංකාවේ පමණයි. රුසියාවේ පෙරනවානම් වොඩ්කා. එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ පෙරනවානම් වීස්කි. අමෙරිකවෙ නම් බර්බන්. ජපානයේ සාකේ. අනික් රටවල්වලත් ඒවාට වෙනම නම් තියන අතර තමාගේ පාවිච්චියට පෙරා ගැනීම නීතියට අනුකූලයි. ඒක නිසා මෙයාට කසිප්පුකාරයෙක් කියල අගෞරව කරන්න එපා. (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 04 January 2014 05:27 AM

මත් පැන් නීති විරෝධී ලෙස තියාගෙන අහුවුනොත් හිරේ දානවා. විකුණලා අහුවුනොත් අත පය කපනවා. පෙරලා අහු වුනොත් මොන දඬුවමක් දෙයිද කියල දෙයියෝ තමයි දන්නේ. (නදී)

:       0       0

නන්දන පෙරේරා Saturday, 04 January 2014 06:26 AM

ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙක් බව ලොවටම පෙන්වනවා.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 04 January 2014 08:22 AM

සිය රට දේ සිරි සැප දේ කියලා තවත් ඔය ඔහේ වැඩේ කරනවා. මෙයා අහු වුනාට.(නදී)

:       0       0

අබ්දුල් Saturday, 04 January 2014 08:32 AM

දේශීය නිපැයුම් ලෝකයට පෙන්වන්න හදනවා වගේ.(නදී)

:       0       0

සුරංග Saturday, 04 January 2014 10:02 AM

දේශීය කර්මන්ත්ත ජාත්‍යන්තරයට ගෙන ගිය ඔහුව දිරිමත් කරමු (ත)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 03 January 2014 05:02 PM

බෝතල් 121ක්? මේක ගෙදරක් නෙවෙයි ඉස්කාගාරයක්. අවයව දෙතුන්සීයක්ම කපන්න අධිකරණයෙන් නියෝග කරයි වගේ.(නදී)

:       0       0

අමිර් ෆාරුක් Friday, 03 January 2014 05:07 PM

ලංකාවේ නම කනවා !!!!!(දී)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 04 January 2014 11:33 AM

අසු වුණේ එක්කෙනෙක් උනාට මේ රටේ වැඩියෙන්ම කසිප්පු පෙරන්නේ අපේ අය තමා (අ)

:       0       0

සුගත් රෝහණ Friday, 03 January 2014 05:29 PM

යන තැන රටේ නම කාල තව කෙනෙකුට තියෙන රැකියා අවස්ථාව නැති කරන ද්‍රෝහියෝ (දී)

:       0       0

නුවන් Friday, 03 January 2014 05:42 PM

දෙවියන්ට සමීප වෙන්න හිතෙන්න ඇති ඕව පෙරලා.(දී)

:       0       0

දිනේෂ් කුවේට් Saturday, 04 January 2014 12:26 PM

ලංකාවෙ විතරක් නෙවෙයි ගොඩක් රටවල්වල අය මේදේ කරනවා. ඒ අතරින් ඉන්දියාව විශේෂිතයි. මේ අහුවුනේ පෙරන විකුනන දහස්ගණනක් අතරින් එක් අයෙක් විතරයි. මෙහෙ පොලිසියටත්‍ මේක අලුත් දෙයක් නෙවෙයි. වැඩිම වුනොත් දඩයක් නියම කර ලංකාවට පිටුවහල් කරයි. එච්චරයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 03 January 2014 06:11 PM

දැන් ඉතින් කාපන්කෝ පරිප්පු.(නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 04 January 2014 12:52 PM

සෞදි අරාබියේ රියාද් නගරයේ හිරගෙවල්වල ලාංකිකයෝ හාරසීයකට වැඩි පිරිසක් හිරබතේ රස විඳිනවා කසිප්පු පෙරලා පොලිස් අත්අඩංගුවට පත්වූ අය, මොවුන්ගේ අඩුම දඬුවම් කාලය වසරකි. (අ)

:       0       0

කමල් Friday, 03 January 2014 06:29 PM

රටේ නම කනවා.(නදී)

:       0       0

රුවන් Friday, 03 January 2014 07:10 PM

අපේ අය කුවේට් ඇවිල්ලත් ස්වයං රැකියාවේ.(නදී)

:       0       0

හසිත් Friday, 03 January 2014 07:19 PM

මේ රටට වෙලා පෙරා ගත්තනම් ඉවරයි. රට කනවා (දී)

:       0       0

කැළණි Friday, 03 January 2014 07:42 PM

ජාතියට කරපු ලොකු නින්දාවක් (දී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 07:49 PM

ඇයි මල්ලි රට ගියේ ? මෙහේනේ ඉන්න තිබුනේ. ඕවා නම් මොනවද කුඩු කන්ටේනර් ගනන් මෙහෙ එනවා වෙච්ච දෙයක් නැහැ, ගෙනාපු කෙනෙක් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site