IMG-LOGO

රාජ්‍ය තාන්ත්‍රික පුහුණුවට බ්‍රසීලය එක්ක ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

බණ්ඩාරනායක ජාත්‍යන්තර  රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2024-09-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් එකී ගිවිසුමට අත්සන් තබා නොමැත.

 ජාත්‍යන්තරව කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික ඇකඩමියක් වශයෙන් රියෝ බ්‍රැන්කෝ ආයතනය දශක 8 ක් පුරා ලෝකයේ රටවල් 57 ක පමණ රාජ්‍ය තාන්ත්‍රිකයින් පුහුණු කිරීමට දායක වී ඇති අතර, රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් සමඟ සහයෝගිතා ගිවිසුම් වලට එළඹ තිබේ.

රාජ්‍ය තාන්ත්‍රිකයින් පුහුණු කිරීම හා පුහුණු වැඩසටහන් සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ඔවුන්ගේ අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන් පිළිබඳ තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, විද්‍යුත් ඉගෙනීමට අදාළ මෙවලම් සහ ජාතික මෙන්ම ජාත්‍යන්තර ප්‍රකාශන පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සහ විශේෂයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර වල සමීප සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් අපේක්ෂා කරනු ලබයි.

 ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රාජ්‍ය තාන්ත්‍රික පුහුණුවට බ්‍රසීලය එක්ක ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site