IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

(පද්මසිරි ගාර්දියවසම් සහ සනත් ගමගේ)

අම්බලන්තොට නගරයේ  රථවාහන පරීක්ෂා කරමින් සිටි  පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකටයුතු මෝටර් රථය නවතන ලෙස  රාජකාරියේ යෙදි සිටි පොලිසිය අන කළ අවස්ථාවේ මෙම අනතුර සිදු කර පළාගොස් ඇත.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලිස් කොස්තාපල්  සරත් නමැති නමැත්තෙකි.

ඔහු බරපතළ තුවාල ලබා සිටි කොස්තාපල්වරයා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ . මෝටර් රථයේ ගැටුණු සිවිල් ආරක්ෂකයකු තුවාල ලබා  අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ . තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය කළ සුදු පැහැති මෝටර් රථයක් නතර කරන ලෙසට පොලිස් නිළධාරින් සංඥා කර ඇති අතර පොලිස් අණ නොතකා මෝටර් රථය පොලිස් නිළධාරින් හප්පා හම්බන්තොට දෙසට පලාගොස් ඇතැයි පොලිසිය පැවසීය . මෝටර් රථය හෝ සැකකරුවන් මේ දක්වා අත් අඩංගුවට ගෙන නැත .



අදහස් (0)

රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site