IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රහල් තාවකාලිකව සංගීතයෙන් ඈත් වෙලාලු

2016-05-17-ENT-72

 

රහල් අල්විස් යනු ගීත ශෛලය පිලිබඳව වෙනස් ආකාරයෙන් සිතන අයෙකු බව බොහෝ අය දන්නා කරුණකි. එයට හොඳම සාධකය වන්නේ ඔහු විසින් එළිදැක්වූ "ඇට ඇට සෙරෙප්පුවෙන්" යන ගීතයයි. ඔහු මේ දිනවල සංගීත කටයුතු වලින් ඉවත්ව ඇති බවට ඔහු පවස්සේ මෙම කාරණා නිසාය.

 

2016-05-17-ENT-73මේ දවසවල සංගීත කටයුතුවලින් ඈත් වෙලාද?

මේ දවස්වල චුට්ටක් විතර අයින් වෙලා ඉන්නේ. ඒ කියන්නේ කරන්නේ නැහැ කියලා පොඩි අදහසක් තියෙනවා.

 

සංගීතයෙන් තාවකාලිකව ඈත්වෙන්න හේතුවක් තියෙනවාද?

මේ යන රැල්ලත් එක්ක ගීත කරන්න ටිකක් අමාරුයි. ඔය දේවල් කියන්නත් බැහැ නොකියත් බැහැ.

 

ඒ කියන්නේ මේ බිහිවන නිර්මාණත් එක්ක මෙවැනි දෙයක් තීරණය කරන්නේ?

ඔව්, මේ එන මල් සිංදුත් එක්ක අපි දෙයක් කළාට එකේ කිසි ප්‍රතිඵලයක් නැහැ. ඒවම තමයි උඩට උඩට යන්නේ. ඒක එක අය වටේ ඉන්න නිසා එවැනි ගීත කොහොම හරි උඩට දානවානේ. එහෙම වුණා ඒ අයගේ සිංදු මුල්තැනට එනවා. අපි කොච්චර හොඳ නිෂ්පාදනයක් කළත් අපේ සිංදු 10 වගේ තැන්වල තියෙනවා. වැඩක් නැහැනේ අපි කරන දෙයින් ඒනිසා පොඩි විරාමයක් ගන්න කියලා හිතුවා.

 

මල් සිංදු කියන රැල්ල වෙනස් නොවන රැල්ලක් බවට පත්වෙලා තියෙන දේ පිළිබඳව ඔයා දකින්නේ කොහොමද?

මේදේ වෙනස් කරන්න මම උත්සාහයක් ගත්තා. මගේ අලුත් සිංදුව එළියට දැම්මා "ඇට ඇට සෙරෙප්පුවෙන්" කියලා. ඉතිං එහෙම වෙනසක් දුන්නට, මිනිස්සු භාරගන්නත් මීඩියා හරහානේ ඔය දේ යන්න ඕනේ. ඉතිං එවැනි අවකාශයක් උදා වෙන්නේ නැහැ.

 

ඔබ අදහස් කරන්නේ මීඩියා කියන දේ මල් සිංදුවලට වැඩි තැනක් ලබා දෙනවා කියලද?

මල් සිංදුවලින් තමයි ඒ අයත් යැපෙන බවක් පෙනෙන්නේ. හැමෝම කරන්නෙ බිස්නස් එකක්නේ. ඒ දේවල් එක්ක ඒ අයත් එවැනි දේ සඳහා හැඩගැහිලා තියෙන්නේ. කලාකරුවන්වත් අවශ්‍ය විදිහට හැඩ ගස්සලා තියෙන්නේ. මම එතැනට හැඩ ගැහෙන්න අකමැතිකමක් තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම සේරම දුක, දුක, දුකම තමයි ඉතිං. සිංදුවක Title එකත් ගත්තත්, අර දුක කියයි, මේ දුක කියයි. ඇත්තටම කිව්වොත් බුදු හාමුදුරුවන්ගේ කාලෙ ඉපදෙන්න ඕන කට්ටියක් තමයි මේ ඉපදිලා තියෙන්නේ.

 

ඔබ මල් සිංදුවලින් තොර ගායකයෙක්ද?

ඔව්, මල් සිංදුවලින් තොර ගායකයෙක් කියලා කියන්න පුළුවන්

 

ඉදිරියේදී සිංදුවක් ආවොත් මල් ගීතවලින් එහා ගීතයක් වෙනවාද?

ඉස්සරහට ගීතයක් ආවත් විරහව කියන දේ තියෙනවා. නමුත් විරහව කරන විදිහයක් තියෙනවානේ. අන්න ඒ මල් සිංදුවලින් අයින් වෙලා තමයි ඒ විරහව කරන්නේ. සිංදු දෙකක් හදලා තියෙන්නේ. දැම්මට වැඩක් නැති නිසයි මම තියන් ඉන්නේ. ඒවා මල් සිංදු නම් නෙමෙයි.

 

අද විරහව කියන ගීත ගත්තත් කිසිඳු ධනාත්මක පණිවුඩයක් ගෙන දෙන්නේ නැති ගීත බිහිවන එකේ ප්‍රවණතාවයක් ලෙස ඔබ දකින්නේ කොහොමද?

මම ජීවිතේ ඇත්ත කතාවක් ගත්තොත් එහෙම මම බූට් එකක් නිසා තමයි මගේ ජීවිතේ හදාගත්තේ. ඉස්සරහට මගේ ලොකු අදහසක් තියෙනවා. මගේ එක සිංදුවක් ආවා බූට් එකක් කාළා. මම අඬනවා මුකුත් නැහැ. නමුත් දුක පෙන්නනවා. මම ඊළඟ සිංදුවක් කරන්න හිතන් ඉන්නවා. ඒ බූට් එක නිසා මට හරි ගිහිල්ලා. මගේ ජීවිතේ ගත්තත් ඒ වගේ දෙයක් තමයි.

 

රහල් කියන ගායකයා පිළිබඳව බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයක් තමයි ඔබ සුපර් ස්ටාර් කෙනෙක්ද? ඩ්‍රීම් ස්ටාර් කෙනෙක්ද කියන එක. මේ සඳහා ඔබේ පිළිතුර?

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඔය ප්‍රශ්නය. බොහෝ අය බිහිවෙන්නෙ ස්ටාර් එකකින් හරි, තාත්තාගේ සිංදු කියලා හරි, නැත්නම් හින්දි සිංදුවකට සිංහල එකක් කියලා. මම කියන්න කැමතියි එහෙම ගායකයෙක් නෙමෙයි මම කියලා. ඒ සඳහා පෙළඹිලත් නැහැ. පෙළඹෙන්නෙත් නැහැ.

 

ඔබ නව ගීතය එළිදක්වන්නේ මේ යන රැල්ල වෙනස් වූ කාලයටද?

මේ රැල්ල වෙනස් කරන්න අමාරු කාර්යයක් තියෙනවා. විවිධ ආයතන ඇවිල්ලා. යක්කු බැඳගෙන වගේ කලාකරුවන් බැඳගෙන. එහෙම දෙයක් තමයි යන්නේ. ඉතිං මම ආයේ උත්සාහයක් අරං බලනවා මේක පොඩ්ඩක් වෙනස් කරන්න. කාලයක් කියන්න බැහැ. හිතුණොත් හෙට දාන්න පුළුවන්. හිතුණොත් අවුරුද්දකින් දාන්නත් පුළුවන්.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රහල්ගේ ෆේස්බුක් ගිණුම

 



අදහස් (0)

රහල් තාවකාලිකව සංගීතයෙන් ඈත් වෙලාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site