IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


'රුසිරු එෆ්.එම්.' සත් වසර සමරයි

2016-04-07-ent-11

2016-04-07-ent-12"රුසිරු එෆ්.එම්." නමින් අන්තර්ජාල ගුවන් විදුලියක් පවත්වාගෙන යන ඔහු රත්නපුර ප්‍ර‘දේශයේ තරුණයෙකි. 2009 අප්‍රේල් 08 වැනිදා ආරම්භ කරන ලද මෙම ගුවන් විදුලි නාළිකාවට මේ මස 08 වැනිදාට සත් වසරක් සපිරෙයි. මේ පිළිබඳව පැවසීමට එහි හිමිකරු රුසිරු දිසානායක එක්විය.

"මෙවර රුසිරු එෆ්.එම් නාළිකාවට වසර හතක් සපිරෙනවා. මම O/L කරන කාලෙදි තමයි මේ සඳහා යොමු වුණේ. අන්තර්ජාලය තුළ කටයුතු කරන කොට මට ඉන්ටනෙට් රේඩි එකක් දකින්න ලැබුණා. එවැනි දෙයක් නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා මට හිතුණා. පසුව මම මුලින් මෙය ෆ්‍රී සර්වර් එකක පැවැත්වුවා. පසුම මම මෙය ක්‍රමිකව රුසිරු එෆ්.එම් නමින් 2009 අප්‍රේල් 08 වැනිදා ආරම්භ කළා. එෆ්.එම්. කියලා නම් කළේ මිනිසුන්ට සමීප නිසා.

සමහර නාළිකාවල ගීත ප්‍රචාරය කරන්න මුදල් ලබාගන්නවා. ඒ නිසා මම මේ ගුවන් විදුලි නළිකාව තුළ මුදල් අපේක්ෂාවකින් තොරව දක්ෂතා ඇති ගායක ගායිකාවන්ගේ නිර්මාණවලට ඉඩලබා දුන්නා. මම මේ අන්තර්ජාල ගුවන් විදුලි නාළිකාව ආරම්භ කරන විට ලංකාවේ අන්තර්ජාල භාවිතය අඩුයි. ඒ නිසා මම මෙය භාවිත කළේ විදේශ රටවල ඉන්න ලාංකිකයන් අරමුණු කරලා.

මෙහි මූල්‍ය පිරිවැය දරන්නෙ මගේ තාත්තා. මෙයින් මුදල් උපයන්න බලාපොරොත්තුවක් නැහැ. වසර හයක් පමණ මෙය කොළඹ සිදුකළා. රත්නපුරේ ප්‍ර‘දේශය ගියාට පස්සෙ මම එහෙ ඉඳන් මෙම අන්තර්ජාල ගුවන් විදුලි නාළිකාව විකාශනය කරනවා. මම හිතන් ඉන්නවා හැම ගායක ගායිකාවකගෙම ගීත ප්‍රචාරය කළ හැකි ජාලයක් නිර්මාණය කරන්න.

 

click here >>>  www.rusiru FM.com

 

රංගන මදුසංක

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

'රුසිරු එෆ්.එම්.' සත් වසර සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site