IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රුවන් නව ජනපතිට සුබපතයි

(අංජුල මහික වීරරත්න)

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ප්‍රකාශයක් කරමින් ලංකාදීපයට පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට සමු දෙන්නේ ජාතිය වෙනුවෙන් යුතුකම ඉටුකළ අභිමානවත් නායකයකු ලෙස බව කී විජයවර්ධන මහතා ඔහු කළ මෙහෙය සමස්ත ජාතියේම ගෞරවාදරයට ලක් විය යුතුව තිබෙන බව කීය.

ඉතා අසීරු අඩියක තිබී ගොඩ ගෙන යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ආ ලංකා ආර්ථිකය නැවත අස්ථාවර නොකොට ඉදිරියට ගෙන යාමට අනුර දිසානායක මහතාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

ජනතා තීන්දුවට හිස නමන බවද රුවන් විජයවර්ධන මහතා කීය.

 



අදහස් (2)

රුවන් නව ජනපතිට සුබපතයි

Praba Sunday, 22 September 2024 06:16 PM

රනිල්ට ඕන කලේ සජිත්ව පරද්දන්න. ඔහු ඒක කලා

:       14       9

Nandasena Monday, 23 September 2024 06:55 AM

රනිල්ට ඕන කලේ සජිත්ව පරදන්න කිව්වම හරි නැහැ මොකද රනිල් සජිත්ට කිව්වා ආපසු එන්න හිටපු තනතුර දෙන්නම් කියලා ඒ වෙලාවෙ ඇවිල්ලා අගමැති තනතුර පොරොන්දු වෙලා වැඩ කලා නම් අද සජිත් අගමැති වෙලා ඒක කලේ නැහැ දැන් ඉතින් කිසිදාක ජනාධිපති වෙන්න නම් එජාපයට එක්වෙලා සමගියෙන් සමාදානයෙන් කටයුතු නොකලොත් කිසිම දවසක ජනාධිපති වෙන්න නම් බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site