IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රැම්සාර් සම්මුති යෝජනාවට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

තෙත්බිම් සම්බන්ධ අන්තර් ජාතික රැම්සාර් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

තෙත් බිම් සම්බන්ධ අන්තර් ජාතික සම්මුතිය හෙවත් රැම්සාර් සම්මුතියේ 15 වන පාර්ශ්ව කරුවන්ගේ සම්මේලනය 2025 ජුලි මාසයේ සිම්බාවේදී පැවැත්වීමට නියමිතව ඇත. එම සම්මේලනය සඳහා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව විසින් " තෙත්බිම් වල ස්වභාව ධර්මයේ හිමිකම් " සම්බන්ධ යෝජනාවක් කෙටුම්පත් කර ඇත.

 එම යෝජනාව මඟින් සාමාජික රටවල් විසින් සිය රටවල පවතින තෙත්බිම් වල ස්වභාව ධර්මයේ හිමිකම හඳුනා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එකී යෝජනාව ශ්‍රී ලංකාව විසින් රැම්සාර් සම්මුතියේ 15 වන පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය වෙත ඉදිරිපත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

රැම්සාර් සම්මුති යෝජනාවට කැබිනට් අනුමැතිය

රුවන් Tuesday, 10 December 2024 02:16 PM

ගිය ආණ්ඩුවේ ඇමැතිලා නම් රම්සා තෙත්බිම් ගොඩ කරලා ඉස්සෝ කොටු දාපු ඒකනේ කරේ. ගංවතුර වැඩි වුනෙත් ඔය හේතුව නිසාම තමයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site