රොමේෂ් සුගතපාල යනු තරුණ පරපුරේ අතර අතිශය ජනප්‍රිය සංගීතඥයෙක් මෙන්ම යොවුන් ගායකයෙක්ද වේ. තම කලා කටයුතු වලින් අලුත් දෙයක් සිය රසික පිරිස් වෙත ලබා දීමට නිරන්තරයෙන්ම උත්සාහ කරන රොමේෂ් මේ දිනවල සිය අලුත්ම මියුසික් විඩියෝව එළිදක්වා තිබේ. වෙනස්කම් රැසක් දකින මෙම අලුත්ම මියුසික් විඩියෝව රොමේෂ් මීට පෙර එළිදැක්වූ මියුසික් විඩියෝ සමගින් සංසන්දනය කරන විට ඉතා ලොකු වෙනසක් දකින්නට ලැබේ. සිය අලුත්ම ගීතය හා මියුසික් විඩියෝ පිළිබඳව රොමේෂ් අපිට මෙසේ තොරතුරු පැවසුවෙමු.
"මගේ අලුත්ම මියුසික් විඩියෝව තමයි "නෙතු හමුවිලා". සති දෙකකට කළින් තමයි මේ ගීතය හා එහි විඩියෝව එළිදැක්වුයේ. මීට පෙර මා නිර්මාණය කළ ගීත හා මියුසික් විඩියෝ එක්ක "නෙතු හමුවිලා" ගීතයේ ගත්තොත් වෙනස්කම් බොහෝමයක් මෙහි දකින්නට පුළුවන්. අද රැල්ලත් එක්ක ගත්තොත් මේ ගීතය ඉන් බැහැරව නිර්මාණය කළ ගීතයක්. මේ ගීතය ලිව්වේ ෂෙහාන් ගලහිටියාව, ගී තනුව නිර්මාණය කළේ ශානක අමිත්. සංගීතය එකතු කළේ මම. මියුසික් විඩියෝවේ මා සමගින් ජනප්‍රිය නළුනිළි යුවලක් වන උදයන්ති කුලතුංග, දසුන් පතිරණ රංගනයෙන් දායක වෙනවා. මියුසික් විඩියෝව නිර්මාණය කළේ "කොළඹ 16" කණ්ඩායම. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී මේ ගීතය බොහෝ පිරිසක් නරඹලා තියෙනවා. නරඹපු අයට මේ ගීතයේ ඇති වෙනසදැනිලා තියෙනවා කියලා ඔවුන්ගේ ප්‍රතිචාර මත මට හිතෙනවා. කාලයකට පස්සේ නිර්මාණය කළ ගීතයක් නිසා "නෙතු හමුවෙලා" ගීතයට හොඳ රසික ප්‍රතිචාර ඉදිරියේදී ලැබෙයි කියලා මම හිතනවා. අලුත් ගීතය එළිදැක්වු නිසා මේ දිනවල සංගීත කටයුතු වලින් තාවකාලිකව ඈත්වෙලා ඉන්නවා. නමුත්, මගේ "රොමේෂ් විත් ටියුන්ස්" සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රසංග සඳහා යොමු වෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ දවස්වල මගේ සංගීත කටයුතු ගෙවිලා යන්නේ."
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොමේෂ්ගේ අලුත්ම ගීතය 'නෙතු හමුවිලා'