IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රොමේෂ්ගෙන් වෙනස්ම ආරක ගීතයක්

2016-05-10-ent-48

නවක පරපුරේ ගායකයෙකු වන රොමේෂ් සුගතපාල මේ දිනවල බොහෝ ජනප්‍රියත්වයට පත්වන්නේ "නෙතු හමුවෙලා" කියන ගීතයත් සමගයි. එම නිසා ඔහුගේ කලා කටයුතු සහ ඔහුගේ සංගීත කණ්ඩායම පිළිබඳව දැන ගැනීමට "සාරවිට" සමග එක්වූ මොහොතකි මේ.

 

2016-05-10-ent-50කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

පහුගිය දවස්ටිකේ අවුරුදු නිසා සංගීත ප්‍රසංගත් එක්ක කාර්යය බහුල වුණා. තව මාසයක් දෙකක් ඇතුළත මගේ සිංදුවක් කරන්න තමයි ඉන්නේ. දැනට මගේ "නෙතු හමුවෙලා" කියන ගීතයේ ප්‍රමෝෂන් කරගෙන තමයි මේ දවස්වල ඉන්නේ. ඉතිං ඒ වගේම "රොමේෂ් විත් ටියුන්ස්" කියන සංගීත කණ්ඩායමේ අලුත් ගීතයක් එන්නයි තියෙන්නේ.

 

සංගීත කණ්ඩායමෙන් නිර්මාණය වන පළවෙනි ගීතය නේද?

ඔව්, සංගීත කණ්ඩායමෙන් පළමුවැනි ගීතය මෙයයි.

 

කොහොමද එහි වෙනස?

මගේ සංගීත කණ්ඩායම එකොස්ටික් සංගීත කණ්ඩායමක්නේ. ඒ එකෝස්ටික්ම හඬ එක්ක ලස්සන ගීතයක් තව මාස දෙකක් ඇතුළත එනවා.

 

කොහොම සංගීත කණ්ඩායමත් එක්ක පැමිණි දුර ගැන කතා කළොත්?

ඇත්තටම ගොඩක් සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා. මම ගොඩක් සතුටුවෙනවා. මට සංගීත ප්‍රසංගවලින් ප්‍රශ්නයක් නැහැ. ඒවගේම තමයි සංගීත කණ්ඩායමටත් ප්‍රසංග තියෙනවා. නවක පරපුරේ ගායකයෙක් හැටියට මේ දෙකම පරිපාලනය කරගෙන ඉන්න පුළුවන් එක ගැන ගොඩක් සතුටු වෙනවා.

 

ඉදිරියේදී රොමේෂ් කියන ගායකයාද, නැත්නම් සංගීත කණ්ඩායමද මූලික ඉලක්කය?

දෙකෙන්ම ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. නමුත් ඉදිරියේදී කියන්න බැහැ මොකක් වෙයිද කියලා. නමුත් මං බලාපොරොත්තු වෙනවා මගේ මේ වෘත්තීන් දෙකම සමානව කරගෙන යන්න.

 

ඔබේ ඒක පුද්ගල ගීතය ගැන කතාකළොත්?

මගේ ගීතයක් එනවා. ඒක සඳහා පොඩි වෙනසක් හිතුවා. වෙනදා එන ෆෝ ෆෝ බීට් එක නැතුව වෙනස් ආකාරයේ ගීතයක් අපේ අයට අහන්න බලන්න පුළුවන් වෙයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-05-10-ent-49
2016-05-10-ent-51



අදහස් (0)

රොමේෂ්ගෙන් වෙනස්ම ආරක ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site