IMG-LOGO

රාමදාන් සමයේදී සෞඛ්‍ය උපදෙස් ලබාදීමට හමාඞ් වෛද්‍ය සංස්ථාවෙන් නව වෙබ් අඩවියක්

HCC

 

ශුද්ධ වූ රාමදාන් මාසයේ දී නිරෝගීව සිටීම සඳහා ජනතාවට උපදෙස් ලබාදීම සඳහාම වෙන්වූ වෙබ් අඩවියක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය සේවා සංනිවේදන කමිටුව පියවර ගෙන තිබේ. කටාර්හි මෙවැනි වෙබ් අඩවියක් ස්ථාපිත කර ඇත්තේ පළමු වතාවටය.


මෙම වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවට එක්වූ හමාඞ් වෛද්‍ය සංස්ථාවේ ප්‍රධාන සංනිවේදන නිලධාරී සහ සෞඛ්‍ය සේවා සංනිවේදන කමිටුවේ ප්‍රධානි අලි අල් කාටර්, රාමදාන් සමයේ දී පොදු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් වන තොරතුරු වර්ධනය කිරීමට මෙන්ම නිරෝගීව සිටීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, හමාඞ් වෛද්‍ය සංස්ථාව සහ මූලික සෞඛ්‍යාරාක්ෂණ සංස්ථාව එකට එක්ව සිය ඒකාබද්ධ විශේෂඥභාවය සහ දැනුම උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන බව පැවැසීය.


“උපවාසය කරන විට දී දියවැඩියාව පාලනය කරගන්නා ආකාරය, ඔබේ සජලතාවය තහවුරු කරගැනීම, නිරෝගීව ආහාර ගන්නා ආකාරය ගැන මෙන්ම තවත් මාතෘකා බොහෝමයක් ගැන තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ඔබට ලබාගැනීමට පුළුවන්” “ශුද්ධ වූ රාමදාන් මාසය පුරාම එය නිරන්තරයෙන්ම යාවත්කාලීන කරනවා. ඒ වගේම අපි මෙය අපේ සමාජජාල නාළිකාවන්  හරහා ද බෙදා හදා ගන්නවා. ඔබට අවශ්‍ය කරන වැදගත් තොරතුරු ඉන් ලබාගැනීමට හැකිවේවි කියලා මම විශ්වාස කරනවා” 


සෞඛ්‍ය සේවා සංනිවේදන කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය, සංනිවේදන සහ මහජන සබඳතා දෙපාර්තමේන්තුව, හමාඞ් වෛද්‍ය සංස්ථාව සහ මූලික සෞඛ්‍ය සේවා සංස්ථාව නියෝජනය කරන සාමාජිකයන් ඇතුළත් වෙයි.



අදහස් (0)

රාමදාන් සමයේදී සෞඛ්‍ය උපදෙස් ලබාදීමට හමාඞ් වෛද්‍ය සංස්ථාවෙන් නව වෙබ් අඩවියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site