IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රැඳවියන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 21කට ස්ථාන මාරු


(ජයන්ත සමරකෝන්)

රැඳවියන් සමඟ සමීප සබඳතා පවත්වමින් නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වූ බවට චෝදනා ලද බන්ධනාගාර නිලධාරීන් 21දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් බන්ධනාගාර වෙත ස්ථානමාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය අද(14) පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

බූස්ස බන්ධනාගාරයෙන් ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 10දෙනෙකුද, මීගමුව බන්ධනාගාරයෙන් 9 දෙනෙකුද, දුම්බරින් හා වාරියපොළින් දෙදෙනෙක්ද වශයෙන් නිලධාරීන් මාරුකර යවා ඇතැයිද ඒ මහතා කීය.

කාලයක් තිස්සේ එකම බන්ධනාගරයක රැඳී සිටිමින් සිරකරුවන් සමඟ විවිධ සබඳතා පැවැත්වීම පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදී ඇති තොරතුරු මත මෙම ස්ථාන මාරුවීම් කළ බවද හෙතෙම සඳහන් කළේය.

මෙම ස්ථාන මාරුවීම්වලට ජේලර්වරුන්, සැරයන්වරුන් හා නියාමකවරුන් 21දෙනෙකු ඇතුළත්ය.



අදහස් (14)

රැඳවියන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 21කට ස්ථාන මාරු

jagath99 Friday, 14 August 2020 09:17 AM

ස්ථාන මාරු වුණාට, මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ නේද? මේක නිකන් මේ කොටි කැලෑව මාරු කළා වගේ දෙයක්නේ... !!!

:       0       92

චරිත්Friday, 14 August 2020 10:32 AM

ඒ වුණාට අලුත් රැඳවියන් සෙට් එක්ක සම්බන්ධකම් ඇති කරගනී. දියුණු වෙන රටක් කියන්නේ් එහෙම තමයි. ඇයි ඔයාලා මෙච්චර ඉරිසියා?

:       0       11

K Perera Friday, 14 August 2020 09:34 AM

මොවුන්ව රැකියාවෙන් අස්කරන්න තියෙන්නේ... අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගන්නට...

:       7       180

RaveendraFriday, 14 August 2020 10:55 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මේ තොත්ත බබාලා සේවයෙන් නෙරපා හැරිය යුතුමයි..

:       0       41

jagath99Friday, 14 August 2020 04:02 PM

ඕවාට කියන්නේ දේශපාලන දර්ශන කියලයි...

:       0       0

wedage Friday, 14 August 2020 10:13 AM

සම්බන්ධතාවයෙන් පටන් ගන්න අලුත් තැනින් කට්ටිය සොයාගනීවි ඉක්මණින්ම...

:       0       32

Nihal Friday, 14 August 2020 11:01 AM

එක් වරක් ද්‍රෝහියා හැමදාමත් ද්‍රෝහියා.

:       0       40

Prabha Friday, 14 August 2020 12:19 PM

හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක...

:       0       35

Saman Friday, 14 August 2020 12:25 PM

රොබෝ ජේලර්වරු දානකම් ඔය ප්‍රශ්න විසඳන්න බැහැ.

:       1       29

Kuma Friday, 14 August 2020 12:52 PM

ස්ථාන මාරු කිරීමෙන් පරිපාලනය බලාපොරොත්තු වන්නේ බන්ධනාගාර දූෂණ නවතා දැමීම නොව බන්ධනාගාර ජේලර්වරුන්ට වෙනත් ව්‍යාපාරික අවස්ථා උදා කරලීමයි.

:       0       57

de silva berlin Friday, 14 August 2020 12:53 PM

ජේලර් රස්සාවට සිංහල බැරි විදේශිකයෝ ගැනත් දමන්න. එතකොට මේ ප්‍රශ්නය විසඳේවි.

:       0       9

තාරකFriday, 14 August 2020 02:17 PM

මොනවද ඔට්ටු? එහෙම කරපු ගමන් රැඳවියෝ මාසෙන් ගෙනාපු විදේශිකයින්ගේ භාෂාව ඉගෙන ගන්නවා... ආයේ දෙකක් නැහැ.

:       0       3

Pradeep Friday, 14 August 2020 02:54 PM

කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ මහත්තයෝ.. කොයි කැලේ හිටියත් කොටියා කොටියාමයි...

:       0       0

kamal66 Saturday, 15 August 2020 11:35 AM

මම ජනාධිපති වුණා නම්... ඔය හැම ප්‍රශ්නයක්ම පැය 24කින් විසඳනවා. ඇයි මේවා මේ විදිහට මෙච්ච්රකල් දිග්ගස්සමින් කාලය සහ රට විනාශ කරන්නේ..?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site