IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රන් පොරවාගෙන ආ ශ්‍රී ලාංකිකයා අසුවේ

රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් බිස්කට් තිස් එකක්  සපත්තු පතුලේ  සහ ඉනෙහි සගවාගෙන සාජා  සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.

සැකකරු කොලඹ කොම්පඤ්ඤ විදියේ පදිංචි 40 හැවිරිදි දුරකතන උපාංග ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් වල බර ග්‍රෑම් තුන්දහස් එකසීයකි.

රන් බිස්කට් 16 ක් ඔහු පැළඳි සපත්තු ඇතුලේද,  තවත් රන් බිස්කට් 15 ක් ඔහු ඇඳි කලිසමෙහි ඉන  වාටියෙහිද  සගවා  තිබු බව  රේගුව කියයි.

නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරිවරුන් වන නුවන් අබේනායක සහ  හසන්ත ගුරුගේ යන නිලධාරීන් විසින්  දීර්ඝ  කාලයක් තිස්සේ විමර්ශනය කර මෙම වැටලීම සිදු කොට ඇත.

සැකකරු නිතර නිතර ඉන්දියාව සහ ඩුබායි අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.
ඔහු එයාර් ඇරබියා ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් සරිබද්දන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ඒ.ආර් සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන්  නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ යන නිලධාරීහු සිදුකරති.

 



අදහස් (0)

රන් පොරවාගෙන ආ ශ්‍රී ලාංකිකයා අසුවේ

සත්‍යා Friday, 07 February 2014 02:49 PM

ඔහු නිතර මේ ගමන් බිමන් යන බව දන්නවා නම් මෙචර කල් ඇල්ලුවේ නැත්තේ ඇයි? (දී)

:       0       0

අනුරාධ Friday, 07 February 2014 11:24 AM

බලන්න. මේ මනුස්සය කි පාරක් ඔය වැඩේ කරන්න ඇත්ද.? එත් හැමදා නියං එකදා වැහිවලාවේ කිවුව වගේ මෙදා අහුඋනා. ඉස්සර වගේ නොවෙයි. දැන් හැම තැනකම චෙක් කරනවා. අහුවෙනවා. පාතාල මහතුනි දැන්වත් මේවා නවත්තාපල්ලා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site