IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රන් ගාංචු සහිත බෑග් රේගුවේ හිරවේ

රිදී ආලේපිත රන් ගාංචු   20 ක් සහිත අත් බෑග් හතරක් රැගෙන කටුනායක සිට චෙන්නායි යාමට ආ  ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකුට  රුපියල් විසිපන් දහස බැගින් දඩ නියම කළ රේගුව එම රන් ගාංචු රාජ සන්තක කළේය.

මේ දෙදෙනා වත්තල පදිංචි මවක (57)  සහ දියණියක(20)  බව රේගුව කියයි. 

රේගු මාධ්‍ය ප්‍රකාශක  සහ රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ  රන් ගාංචු වල බර ග්‍රෑම් 1035 ක් වූ බවත්  එහි වටිනාකම පනස් දෙලක්ෂ හැත්තෑ පන් දහසක් බවයි.

මොවුන් රේගුවට පවසා ඇත්තේ මෙම අත් බෑග් 04 තම ඥාතියෙකු විසින් ඉන්දියාවට ගෙනයාමට ලබා දුන් බවත් එහි රන් ඇති බවට  තමන් නොදන්නා බවයි.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කළ අතර විමර්ශන කටයුතු  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී සී.පී.බී පිටවල, නියෝජ්‍ය රේගු අධිකාරී නිමල් විජේසිරි සහ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ඒ.එන් ප්‍රනාන්දු, එස්.බී පොල්කොටුව,ෂමිදු මාකේවිට, ආර්.එම්.සී.එම් ලංකා, අසංක ප්‍රියදර්ශන, නිලුෂි පතිරන යන නිලධාරීහු සිදු කළහ.  



අදහස් (0)

රන් ගාංචු සහිත බෑග් රේගුවේ හිරවේ

සමන්ත Sunday, 26 January 2014 08:43 AM

අම්මයි දුවයි කියලා තියෙන්නේ අතේ පැලවෙන බොරුවක් (දී)

:       0       0

කුරුවිට Saturday, 25 January 2014 02:47 PM

අනේ පව් තොත්ත බබල දෙන්න (අ)

:       0       0

ජයතිලක Saturday, 25 January 2014 04:04 PM

ඒ අලුත්ම ක්‍රමවේදය වෙන්න ඇති. තනි රත්තරන් ගාංචු වලට රිදී ආලේප කිරීම.(අ)

:       0       0

ධම්ම Saturday, 25 January 2014 04:22 PM

තමා ගෙනියන භාණ්ඩ පිළිබඳව තමා වගකිව යුතුයි. ඒ නිසා අනුන්ගේ බඩු ගෙනයාමට භාර නොගැනීමයි වඩාත්ම යෝග්‍යය. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 25 January 2014 05:44 PM

රාජ සන්තක කරන රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site