ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසුවියන්ගේ නිර්මාණ එළිදක්වන ‘රන්වැලි අභිමන්‘ අධ්‍යාපනික ප්‍රදර්ශනය දේශිය වෛද්‍ය නියෝජය අමාත්‍ය පණ්ඩු බන්ඩාරණායක මහතා සහ විදුහල්පතිනි එච්.ඒ.එච් ජයවර්ධන මහත්මිය අතින් අද විවෘත කෙරිණි.
රත්නාවලී සිසුවියන්ගේ විෂය දැනුම ප්‍රායෝගිකව අත් විදීමට හැකිවන ලෙස නිර්මාණශීලී සහ ගවේෂණ ශීලී අත්දැකීම් වලින් පරිපුන් මෙම ප්‍රදර්ශනය ලබන අට වෙනිදා තෙක් වීවෘතව ඇත.
සියළුම විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සැලසුම් කරන ලද නිර්මාණශීලී අධ්‍යාපන කුටි 60කට අධික සංඛ්‍යාවක් මෙහි ඇති අතර විශේෂඥ වෛද්‍ය සායන, වෙළෙඳ ප්‍රදර්ශන, රාජ්‍ය ආයතන ප්‍රදර්ශන කුටි, දිනපතා මැජික් සංදර්ශන පාසැල් ශිෂ්‍යාවන්ගේ සංගීත ප්‍රසංග, නාට්‍ය සංදර්ශන ඇතුළු විශේෂංග රැසක් අත් විඳිය හැක.
ප්‍රදර්ශනය අවසන් වන මාර්තු අට වෙනිදා විශාරද සුනිල් එදිරිසිංහ, විශාරද දීපිකා ප්‍රියදර්ශනී, උරේෂා රවිහාරි, චන්දන ලියනාරච්චි සහ රුවන් හෙට්ටි ආරච්චි ගී ගයන රනවැලි මියැසිය පැවැත්වේ.
67 වසරක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන රත්නාවලී බාලිකා විද්‍යාලය හෙන්රි ස්ටල් ඕල්කට් තුමාගේ පුරෝගාමිත්වයෙන් පරම විඥාර්ථ සමාගම මගින් ඇරඹි උසස් බාලිකා පාසැලකි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රන්වැලි අභිමන් ඇරඹේ
බණ්ඩාර Tuesday, 04 March 2014 08:54 PM
රත්නාවලී දියණියන් ගැන හරිම ආඩම්බරයි. එයාලා කොහොමත් දිරියෙන් දිනන අය.(නදී)
පහන් Tuesday, 04 March 2014 09:55 PM
අර බණ්ඩාරනයකේ දරුවෝ මේක බලන්න එනවද ? (නදී)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 05 March 2014 12:28 AM
හරිම ආඩම්බරයි.(නදී)
විහග දිල්ෂාන් Wednesday, 05 March 2014 12:34 PM
අනිවාර්යයෙන් අපිත් එනවා(දිල්)
තරිදු Wednesday, 05 March 2014 02:51 PM
පහන්, බණ්ඩාරණායකේ දරුවෝ සැප්තෑම්බර් මාසයේ මේ වගේ " X BAN 95 " ප්‍රදර්ශනය කළා (දිල්)
සමීර Friday, 07 March 2014 09:19 AM
සහෝදර පාසැල වූ ගම්පහ බණ්ඩාරනායකේ පැවැත්වුණු එක් බෑන් ප්‍රදර්ශනය තරම් දැවැන්ත නොවුනත් හොද උත්සහයක් (අ)