IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රනිල් අගමැති ලෙස හෙට හෝ අනිද්දා දිව්රුම් දෙයි?

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවක්ද පැවැත්වුනු අතර හෙට (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (8)

රනිල් අගමැති ලෙස හෙට හෝ අනිද්දා දිව්රුම් දෙයි?

Chaminda Wednesday, 11 May 2022 10:56 PM

විය යුතු හොදම දේ එයයි.

:       0       0

උදය Wednesday, 11 May 2022 11:00 PM

රටේ අනාගතය කෙසේ වෙතත් රාජපක්ෂලාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ පහත් උපක්‍රමයක් බව ඉතා පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂයට අත්කරදුන් ඉරනම ම ලංකාවටත් අත්කර දීලයි නවතින්නේ. හොරු අල්ලන්නෙත් නෑ..... හොරාකාපුවා අයකරගන්නෙත් නෑ. එයාලා යාළුවෝ මල්ලී..........

:       0       0

කිරි පුතා Wednesday, 11 May 2022 11:05 PM

පළතුරු දේශපාලකයෙකු වශයෙන් බලය සමඟ මොළයද පහළ වේවා !

:       0       0

Ajith Thursday, 12 May 2022 01:35 AM

ඉගුරු දීල මිරිස් ගත්ත වගේ.මුන් තමය් රටට කෙලවෙන ඵක පටන් ගත්තේ. මහ බැංකුව කඩල.

:       0       0

rifan Thursday, 12 May 2022 10:18 AM

එහෙනම්, මහින්ද වෙනුවට මහින්ද නියෝජිතයෙක්

:       15       36

Hafeel Thursday, 12 May 2022 10:26 AM

මෙයා ආයිත් අගමැති වුනොත්, නැවතත් අවාසනාවන්ත රටක් බවට පත් වෙනවා. 2015 - 2019 දීත් හොරුන්, දුෂිතයන් ආරක්ෂා කරමින් ජනතාව රැවට්ටුවා. තමාට කඩේ යන නුසුදුසු පුද්ගලයන්ට ඇමතිකම් දුන්නා l සහ අර්ජුන් මහේන්ද්‍රන් වගේ පිට රට යාළුවන් රටේ ඉහල තනතුරුවලට පත් කරලා රටේ ඉදිරි ගමන වලක්වා. නැවතත් මේ ඩීල් රනිල් එපා.

:       33       37

Dharshana Thursday, 12 May 2022 10:26 AM

මේ අවස්ථාවේ ඇති හොඳම විසඳුම. රට කැමැත්ත කොහොම උනත් ලෝකයේ විස්වාසය ඇති නායකයෙක් අවශ්‍ය මොහොතක අපි ඉන්නේ. මූලික දේ ආර්ථික අර්බුදය දිනන එක.

:       25       57

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 12 May 2022 10:48 AM

රට වැටී ඇති මේ අවස්ථාවේ සියලු වාද භේද භින්න නැතිව එකාමෙන් නැගිටීමට වෙර දැරීම අගය කළ යුතුයි.ඒ නිසා ඔබතුමාට අනෙකුත් පක්ෂ නායකයන්ට වඩා විදෙස් රාජ්‍යයන් හා නිසි පරිදි කටයුතු කළ හැකියි.රට නිසි ලෙස ගොඩගත් පසු මැතිවරණයකට යා හැකියි. පාට පක්ෂ ජාති ආගම් භේද අතැහැර රට ගොඩ ගැනීම සඳහා රජ වාසල සැවොම එකාමෙන් කටයුතු කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 251 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site