IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රන්ජන් ඉන්දීය චිත්‍රපට නිෂ්පාදනයක් සමගින්

2016-05-05-ent-49

ජනප්‍රිය රංගන ශිල්පී, චිත්‍රපටි අධ්‍යක්ෂ රන්ජන් රාමනායක මහතා පසුගියදා තම නවතම චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඉන්දියානු සංචාරයක නිරත විය.

මෙම චිත්‍රපටයේ රන්ජන් රාමනායක මහතා ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන අතර, ශ්‍රී ලංකා - ඉන්දියානු නළු නිළියන් විශාල පිරිසක් රඟපෑමට නියමිතව ඇත. රන්ජන් රාමනායක මහතාගේ මෙම සංචාරය පුරා ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිව තිබෙන අතර, ඉන්දියාවේ සුපිරිම නළුවන් දෙපළක් වන රජිනි කාන්ත් සහ කමල් හසන් යන ප්‍රවීණතම නළුවන් දෙපල ඇතුළු තවත් බොහෝ සුපිරි නළු නිළියන් ගණනාවක්ම හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවී තිබුණි. එමෙන්ම දැනට දකුණු ඉන්දියාවේ ජනප්‍රියම චිත්‍රපට බවට පත් වූ බෝයීස්, අනියන්, ඉන්දිරන්, ශිවාජි හා අයි රොබෝ වැනි දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ශංකර් මහතාද හමුවී ඇත.

රන්ජන් රාමනායක මහතාගේ මෙම නවතම චිත්‍රපටය ලංකාවේ වැඩිම මුදලක් යොදා නිර්මාණය වන චිත්‍රපටය බවට ඉදිරියේදී පත්වනු ඇත. ඒ සඳහා නිෂ්පාදන සැලසුම්කරණය දැනටමත් සිදුවන අතර, ඊට අදාළ ඉන්දියානු නිෂ්පාදන කළමනාකරු වන රාජු මහතා ඉදිරි සතියේදී දිවයිනට පැමිණීමට නියමිතය. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරි මාස 4ක් වැනි කාලසීමාවක් තුළදී ආරම්භ කිරීමට නියමිතය.

මෙම චිත්‍රපටයේ රඟපෑම සඳහා නළු නිළියන් තේරීම ඉදිරි දිනකදී ඉන්දීය නිෂ්පාදන කණ්ඩායම ලංකාවට පැමිණි වහාම ආරම්භ කිරීමට නියමිත අතර, එහිදී ගිවිසුම් අත්සන් කිරීම් හා සැලසුම්කරණ සියල්ල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී සිදුකිරීමට කටයුතු සලසා ඇත.

මෙම දැවැන්ත චිත්‍රපටයේ කතාව දැනට අප්‍රකාශිතව තිබෙන අතර ශ්‍රී ලංකා - ඉන්දියා නළු නිළි පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය. මෙහි කැමරාකරණය හා සටන් අධ්‍යක්ෂණය ඉන්දියානු ශිල්පීන් අතින් සිදුවන අතර, ලාංකීය කාර්මික ශිල්පීන් ගණනාවක්ද සහභාගී වෙති. මෙය ශ්‍රී ලංකා - ඉන්දියා සම අධ්‍යක්ෂණයක් ලෙසින් නිමවීමට නියමිතය.

 

2016-05-05-ent-46
2016-05-05-ent-47
2016-05-05-ent-48

 



අදහස් (0)

රන්ජන් ඉන්දීය චිත්‍රපට නිෂ්පාදනයක් සමගින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site