IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රත් හඳුන් තොගය නියමුවන් රත්කරවයි

රත් හඳුන් තොගයක් අනවසරයෙන් රැගෙන යතියි ලැබුණු ඔත්තුවක් මත ඉන්දියාවේ තිරුවනාථපුරම් ගුවන්තොටින් කොළඹ බලා පියාසර කිරීමට අහසට නැඟුණු ශී‍්‍රලංන්කන් ගුවන්සේවයට අයත් ගුවන් යානයක් විනාඩි 20 කට පසු යළිත් එම ගුවන්තොටටම ගොඩබැස්වීමට ඉන්දියා රේගු බළධාරීහු කටයුතු කළහ.

ශී‍්‍ර ලංන්කන් ගුවන් සේවයට අයත් යු.එල්.162 අංක දරන ගුවන්යානය මෙසේ යළිත් ගොඩබැස්වුණු අතර එහි කිලෝග්?ම් 100 ක රත් හඳුන් තොගයක් ගමන්මලූ වල සඟවාගෙන ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට රේගු බළධාරීහු සමත් වූහ.

ගමන්මලූ පරීක්ෂා කිරීමේ අංශයේදී මෙම රත් හදුන් තොගය හදුනාගැනීමට නොහැකි වූයේ මන්දැයි සොයාබලා ඇති රේගු බලධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ රත් හදුන් තොගය ඔතා තිබූ ප්ලාස්ටික් දවටනය ගමන් මලූ පරීක්ෂා කරන යන්ත‍්‍රයෙන් නිකුත් කරන එක්ස්රේ කිරණ පරාවර්තනය කර හැරීමේ සමත් බවයි.මෙනිසා ඇතුළත වූ කිසිවක් හදුනාගැනීමට නොහැකි වී තිබේයැයි ඔවුහු පැවසූහ.

මෙ ආකාරයට ගමන්මලූ වල සගවාගෙන අවි ආයුධ පවා ප‍්‍රවාහනය කරන්නට ඇතැයි ඔවුහු සැක පළ කරති.

රේගු නිලධාරීන්ට මුලින්ම ලැබුණු ඔත්තුවෙන් කියවී ඇත්තේ කොළඹ සිට පැමිණෙන ශී‍්‍රලංන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ශී‍්‍රලංකාවේ සිට ඉන්දියාව බලා රත‍්‍රන් ප‍්‍රවාහනයේ යෙදෙන කාන්තාවක ඇතුලූ එකම පවුලේ තිදෙනෙකු පැමිණෙණ බවයි.ගුවන්යානය පැමිණි පසු මගිීන් පිළිඹද සොයාබැලූවද එවන් සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙක් සොයාගැනීමට ඔවුනට නොහැකි වී තිබේ.

එම ගුවන් යානයම යළිත් කොළඹ බලා පියාසර කිිරීමට සූදානම් වෙමින් පවතින අවස්ථාවේ රේගු නිළධාරීන් වෙත ලැබී ඇති තවත් ඔත්තුවකින් කියවී ඇත්තේ විශාල වටිනාකමක් සහිත භාණ්ඩ තොගයක් අනවසරයෙන් ශී‍්‍රලංකාව බලා ගෙනයමින් සිටින පුද්ගලයින් තිදෙනෙකු ගුවන් යානයේ සිටින බවයි.ඒ අනුව කි‍්‍රයාත්මක වුනු නිළධාරීන් ගුවන් යානය නවතා ලීමට තැත් කළත් යානය ඒ වන විටත් තිබී ඇත්තේ ගුවන් ගතවීය.

පසුව ගුවන්සේවා බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඔවුන් ආධාරයෙන් ගුවන්යානයේ නියමුවන්ට යළිත් යානය තිරුවනාථපුරම් වෙත ගොඩබස්වන්නයැයි උපදෙස් නිකුත් කර තිබේ.ඒ වන විට ගුවන්යානය ගුවනේ විනාඩි 20 ක පමණ කාලයක් ගත කර තිබූ අතර ශී‍්‍ර ලංකාව තිබී ඇත්තේ පෙනෙන නොපෙනන මානයේය.

ගොඩබැස්වුණු පසු යානය වෙත ගිය රේගු නිළධාරීන් ඔත්තුවේ පරිදි අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත්හ.



අදහස් (0)

රත් හඳුන් තොගය නියමුවන් රත්කරවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site