IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රතුපස්වල නඩුව සැප්තැම්බර් 11 වැනිදා විභාගයට

(ටෝනි කරුණානායක) 

වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වූ රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 94 ක් යටතේ යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා  සාමාජිකයන් සිවුදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 11 වැනිදාට විභාගයට ගැනීමට අද (17) වැනිදා නියම කෙරිණි.

ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම නඩුව විභාගයට ගැනුණු අතර මේනකා විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරිය නොමැතිව  නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි යන මහාධිකරණ විනිසුරුවරු ඉදිරියේ අද (17) නඩුව කැඳවිණි.

පැමිණිල්ල මෙහෙය වූ රජයේ නීතිඥවරුන් වන වසන්ත පෙරේරා සහ උදාර කරුණාතිලක යන මහත්වරුන් විසින් සංශෝධනය කළ සාක්ෂි ලැයිස්තුවක් මහාධිකරණයට සහ විත්තිකරුවන්ගේ නීතිඥ මහත්වරුන්ට ලබා දුන්නේය.

යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන  , ඩිංගිරි අරුනගේ සිරිසේන ,ලලිත් ග්‍රේ සහ ජේ.එම්.තිලකරත්න යන විත්තිකරුවන් සිව් දෙනා මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර නැවත සැප්තැම්බර් මස 11 වැනිදාට පෙනී සිටින ලෙස නියම කෙරුණි.

2013 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඉහත චෝදනා සිදුකර ඇති බවට අධි චෝදනා පත්‍රයේ සඳහන් විය.

 



අදහස් (4)

රතුපස්වල නඩුව සැප්තැම්බර් 11 වැනිදා විභාගයට

සිරිබිරි Friday, 17 July 2020 01:12 PM

අපරාදේ ඔය නඩුවට වේලාව නාස්ති කරන්නේ... පැමිණිලිකරු වැරදිකාරයා වෙලා... විත්තිකරු නිදහස් වෙන කාලයක් මේක...

:       46       323

බද්රානි Friday, 17 July 2020 08:44 PM

මම ඊයේ රාත්‍රියේ උසාවිය ගැන දැකපු ඒ සුන්දර සිහිනේ ජවනිකාවේ එකපාරටම "සැකකරු සියලු චෝදනා වලින් නිදහස්" කියලා මහා ගාම්භීර හඬකින් ඇසෙනවාත් එක්කම, උසාවිය අසලින් පියමනිමින් සිටි මීහරක් රැලක සිටි මීහරකෙක් සද්දෙට "උම්බෑ.." හඬ නගනවාත් සමගම මම තිගැස්සී ඇහැරුණා... බැරි වෙලාවත්, බුවනෙකබාහු රජතුමා අද හිටියා නම්, මේ වෙනකොටත්, මේ මී හරක් රැළම එකපාර උල තියලා මරන්න රාජ නියෝගත් දීලා ඉවරයි. ඒ වුණාට මොනවා වුණත් අපේ, කැකිල්ලේ රජ්ජුරුවෝ නම් එහෙම නැහැ. කොකාකෝලා ඇතුළු පැණිබීම රැසක් ඇති මේ රටේ, බීම සඳහා කිසිම රසක් නැති වතුර ඉල්ලා උද්ඝෝෂණය කල චූදිතයින්ව වෙඩි තබා ඝාතනය කිරීමට නියෝග කරනවා... කාටද ආඩම්බර?

:       4       0

රතුහාමි Saturday, 18 July 2020 01:52 AM

බ්‍රිගේඩියර්වරයාට දඬුවම් දීල් වැඩේ ෂේප් කර ගනීවි ලස්සනට...

:       0       0

Nihal Saturday, 18 July 2020 06:41 AM

එදාට එන තීන්දුව අපි දැන් කියන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16872 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 662 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site