IMG-LOGO

රතුපස්වල කම්හල ටිකෙන් ටික බියගමට

 වැලීවේරිය රතුපස්වල  නැඳුන්ගමුව පිහිටි වෙනීග්‍රොස් රබර් අත්වැසුම් කම්හළ බියගම ආයෝජන කළාපයට ගෙනයන බවත් එහි  නිෂ්පාදන කටයුතු සිදු කළ  යන්ත‍්‍රාගාර පහෙන් තුනක් ගලවා ඉවත්කිරීමේ  කටයුතු මේ දිනවල  සිදු කරමින් පවතින  බවත් එහි කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්‍ය මහේෂ රණසෝම  මහතා  අද එසැනට  පැවසුවේය.

නැඳුන්ගමුවේ  අක්කර පහලොව හමාරක පමණ  භූමි භාගයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇතත් බියගම ආයෝජන කලාපයෙන් මෙය ස්තාපනය කිරීම සඳහා ලැබී ඇත්තේ අක්කර පහක ඉඩ ප‍්‍රමාණයකි.

නැඳුන්ගමුවේ  පිහිටි කර්මාන්ත ශාලාවේ ඇති මුළු යන්ත‍්‍රාගාර ගනන පහකි.  

බියගම ආයෝජන කලාපයේ මේ සඳහා වෙන්කර ඇති ඉඩ ප‍්‍රමාණය අනුව  මුලින්ම එහි සවිකිරීමට හැකිවන්නේ මින් යන්ත‍්‍රාගාර තුනක් බවත් ඉතිරි යන්ත‍්‍රාගාර දෙක ඉතිරි  ඉඩ ප‍්‍රමානයේ සවිකිරීමට හැකිවන ලෙස නවීකරණය කළ යුතු බැවින් එම කටයුතු අවසන් කිරීම සඳහා යම් කාලයක් ගත වන  බවත්  ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් සියළු යාන්ත‍්‍රාගාර නැඳුන්ගමුවෙන් ඉවත්කිරිමට තම ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර ඇති බවත් කීය.

මෙම යන්ත්‍ර සුත්‍ර  නැවත සවිකිරීමට හැකිවන අයුරින්  ගැලවීම ඉතා අසීරු කටයුත්තක් බවත්  ඒවා යළි සවිකිරීමද එකින් එක කළ යුතු  බවද ඔහු කීවේය.

 කෙසේ වෙතත් එක් යන්ත‍්‍රාගාරයක් හෝ  බියගම ආයෝජන කලාපයේ ස්ථාපනය කළ පසු  ලබන ජූලි මාසයේ පමණ  මෙතෙක් නවතා දමා ඇති නිෂ්පාදන කටයුතු ඇරඹීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීවේය.

රතුපස්වල ප‍්‍රදේශයේ ජල දූෂනයට තම ආයතනය වග කිවයුතු බව මෙතෙක් කිසිදු  පරීක්ෂන වාර්ථාවකින් ඔප්පු වී නැති බවද කී  ඒ මහතා පැවසුවේ තවදුරටත් මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට ගැමියන් තුළ පවතින දැඩි විරෝදය හේතුවෙන් ඔවුන් ගැන සිතා මෙම තීරණය ගත් බවයි.

 

 



අදහස් (0)

රතුපස්වල කම්හල ටිකෙන් ටික බියගමට

සෝමදාස Tuesday, 14 January 2014 10:46 PM

පරිසරදූෂක බොහොමයක් කම්හල් පටන්ගන්නෙ බලපත්‍ර රහිතව.ඒව පටන්ගත්තට පසුව වහන්න අපහසුයි විවිධ බලපෑම් නිසා. බලපත්‍ර තියෙනඒව වහන්න කොහෙත්ම ලෙහෙසි නැහැ. මහ පොලව මිනිස් වාසයට අහිතකර තැනක් වුනොත් මොනව වෙයිද? මෙය වටිනා කම්හලක් බව ඇත්තක්. ඒකිසා එය සුදුසු ස්ථානයක පිහිටුවීමට දැන්වත් කටයුතු කිරීම සතුටට කරැණක්.(දිල්)

:       0       0

සුරේෂ් Tuesday, 14 January 2014 11:04 PM

මිනිස්සු සමගිව හිටිය නිසා නැදුන්ගමුවේ මිනිස්සු වාසනාවන්ත වුණා.කර්මාන්ත ශාලාව ගලවගෙන යනකල්ම සමගියන් අවදානයෙන් ඉන්න.බොරු කාරයොන්ට අහු වෙන්න එපා අන්තිම මොහාතේ.(දිල්)

:       0       0

සුරේෂ්. Friday, 17 January 2014 11:23 AM

සමහර අය හැදුවේ මේක මෙතනම තියාගන තුවාලයක් වගේ තියාගන්න (දිල්)

:       0       0

බියගම Wednesday, 15 January 2014 10:13 AM

දැන් එතකොට ඊලගට වතුර ප්‍රශ්නේ එන්නේ බියගම මිනිස්සුන්ට නේ....?? ඒකට මොකක්ද ගන්න පියවර.....?? (දී)

:       0       0

බංඩාර Tuesday, 14 January 2014 06:10 PM

මේක ලංකාවට වටිනා කම්හලක් දන්නෝ දනිති මේකේ මොනවද හැදුවේ කියලා. දැන් ඉතින් වැඩ කරන කට්ටියට බියගම යන්න වෙනවනේ.(නදී)

:       0       0

රජින්ද Tuesday, 14 January 2014 07:08 PM

අනිවාර්යෙන්ම විය යුතු වැඩක්. හැබැයි පුතෝ ඡන්ද ගුණ්ඩුවක් නම් මෙදා ගමන ඔය පළාතේ මිනිස්සු ඔය යන්ත්‍ර ටික දවසෙන් ගලවලා අයින් කරාවි. ඒ නිසා කෙටි කාලයක් ගත උනත් ඔය කර්මාන්ත ශාලාව වගේම අර මිනුවන්ගොඩ පැත්තේ තියෙන කාබන් නිපදවන කර්මන්ත ශාලාවත් ඒවා පිහිටුවීමට සුදුසු ස්ථාන වල පිහිටුවන්න.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 15 January 2014 12:55 PM

මම මේ හොයන්නේ ඔය කම්හල බියගමට ගෙනාවොත් උපවාස කරනවා කියපු බියගම හිටපු සභාපතිතුමාව.,අනේ කවුරු හරි එයාව දැක්කොත් පණිවිඩේ කියනවද? (දී)

:       0       0

චානක Wednesday, 15 January 2014 01:15 PM

චන්දෙ තිබ්බ නිසා හොදට ගියා (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 15 January 2014 01:15 PM

ඔන්න බන්දුල අපේ මතය නිවැරදියි නේද ? මින් මතුවටත් කඩේ නොයා හරි දැක්මක් ඇතුව රට අංක එකට තියල අදහස් දෙම්මොත් හොඳයි ඔන් කීව (දී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Tuesday, 14 January 2014 08:15 PM

පරීක්ෂණ වාර්තා වලින් කර්මාන්ත ශාලාව නිදොස් නම් වෙන අහවල් කාරනයටද මේ වැඩපල ගෙනියන්නේ මේක ලංකාවේ පරිෂණ කණ්ඩායම්වල දුර්වල කමද ? (නදී)

:       0       0

චාරක විජේසිංහ Tuesday, 14 January 2014 09:08 PM

මේ කම්හල ගමෙන් ගිනියන්න අපිට සහය දුන් ඔබ සැමට පින්. හැබැයි මෙහෙම ගියාට ඉතුරු යන්ත්‍රවලින් වැඩ කරන්න නම් එපා. අපි බලන් ඉන්නේ.(නදී)

:       0       0

කවීන්ග Tuesday, 14 January 2014 09:49 PM

පුදුමයක් නෙමෙයි පරිසර අමාත්‍යංශයෙත් ඉන්නේ දේශපාලඥයෝනේ. ජලය දුෂණය වෙලා කියල පරීක්ෂන වාර්ථාවකින් ඔප්පු උනොත් ඒ ලංකාවේ නෙමේ ඇමරිකාවේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 393 3

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 301 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 452 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 718 1

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1613 1

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 355 1

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1413 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1614 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 421 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site