IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රතුපස්වලට වන්දි දෙන්න ලක්ෂ 46ක්

ගම්පහ රතුපස්වල දී පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට යුද යමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් තුවාල ලැබූ 33 දෙනකුට වන්දි ලබා දීම අනුමත වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයය කියයි.

තුවාල ලැබූවන්ගෙන් අයදුම් පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය හරහා කැඳවා ඔවුන්ගේ තොරතුරු පරීක්ෂා කළ වන්දි මුදල් ගණන තීරණය කළ බව ද ජනාධිපති ලේකම් කාර්යාලයය සඳහන් කරයි.

පූර්ණ ආබාධිත ගම්වැසියකුට රුපියල් හත් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් අනුමත වී තිබේ. වන්දි ලබා දීමට වැය කරන මුලු මුදල ලක්ෂ 46කි.

තුවාල ලැබූවන්ට වන්ධි ප්‍රදානය කිරීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා (08) සිදු කිරීමට නියමිත බව ද ජනාධිපති ලේකම් කාර්යාලයය සඳහන් කරයි.

රතුපස්වලට සහන සලසා දෙන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් කළ ලිඛිත ඉල්ලීමක් අනුව පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනි දා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබන්ධ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

එම සාකච්ඡාවේදී ගත් තීරණ ශිරාල් ලක්තිලක මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට දැනුම් දීමෙන් පසු ජනපතිගේ උපදෙස් පරිදි රාජ්‍ය නිලධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා රතුපස්වලට සහන සැලසීමට තීරණය කළේය.

ඒ අනුව ඊයේ (05) දිනට පෙර සහන සැලසීමට එම රැස්වීමේදී එකඟ විය.

ප්‍රදේශවාසීන්ට පටැලැවූ බොරු නඩු බවත් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පවරා ඇති බවත්, ඒ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බවත් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක් කීවේය.



අදහස් (0)

රතුපස්වලට වන්දි දෙන්න ලක්ෂ 46ක්

ලලිත් Wednesday, 06 April 2016 12:52 AM

මේ කට්ටිය වන්දි ගත්තාට පස්සෙත් ඒ කාරනය වෙනුවෙන් ආයෙත් උද්ඝෝෂණ, මාර්ග අවහිරකිරීම් ආදිය පටන්ගත්තොත් මොකද කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site