IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි

 

(අජිත්ලාල් ශාන්තඋදය)

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතා අද(04) සවස පැවසීය.

රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතාගේ අධීක්‍ෂණය යටතේ රත්නපුර නව නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ මෙම ඇප මුදල් බාරගැනිම සිදු කෙරෙයි.

රත්නපුර ඡන්ද කොට්ඨාසය ඡන්ද ප්‍රදේශ අටකින් යුක්තය. රත්නපුර, කොළොන්න, පැල්මඩුල්ල, රක්වාන, බළන්ගොඩ, නිවිතිගල, කලවාන සහ ඇහැළියගොඩ එම ඡන්ද ප්‍රදේශයි.

රත්නපුර ඡන්ද කොට්ඨාසයේ 2024 ඡන්ද ලැයිස්තුව අනුව ඡන්ද දායකයින්ගෙ සංඛ්‍යාව 923736කි.

රත්නපුර ඡන්දකොට්ඨාසයට සමානුපාතිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකොළහක් තෝරා ගැනිමට නියමිතය. අපේක්‍ෂක ලැයිස්තුවකට දා හතර දෙනෙකුගේ නම් අවශ්‍ය වේ.



අදහස් (0)

රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site