IMG-LOGO

රණවිරු උළලේ කලබල කළ පියකු - දරු දෙදෙනකු අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රණවිරු උත්සවය අවස්ථාවේදී ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසා කලහකාරී ලෙස හැසිරුණු පියෙකු සහ දරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බව තලංගම පොලිසිය පවසයි.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ වැලිපැන්න, දොඩම්පාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එම සැකකරු සහ දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී  එම පුද්ගලයාට කරුණු පැහැදිලි කරමින් සිටි නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අත සපකා ඇති බවද පොලිසිය පවසයි.

වැලි පැන්න පොලිසියෙන් සිදු වූ අසාධාරණයක් පිළිබඳව රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඒ පිළිබඳව පැවසීමට අවශ්‍ය බව එම පුද්ගලයා පවසා ඇති අතර ඒ සඳහා වෙනත් දිනයක පැමිණෙන ලෙස දන්වා සිටියදී කලහකාරී  ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.

අනතුරුව ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදුන්නහොත් මාර්ගයේ ගමන් කරන වාහනයකට දරුවන් දෙදෙනා සමග පනින බව පවසා කලබල කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.

 නුගේගොඩ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් පරිදි නුගේගොඩ  සහකාර පොලිස්අධිකාරි 2 ලසිත රංග අභය වික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් කලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.



අදහස් (0)

රණවිරු උළලේ කලබල කළ පියකු - දරු දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 345 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site