IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රණවිරුවනට පින් දෙයි

ලන්ඩන් නුවර පදිංචි කරුණා බස්නායක තම හිත මිත්‍රාදින්ගේද සහයෝගය ඇතිව පසුගිය වසර 13ක් තිස්සේ පවත්වාගෙන ආ සුවිශේෂි පින්කමක් පැවැත්වීමට යයි.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළුව ශ්‍රී ලංකාව පුරා සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් විපතටපත් ජනතාවට මෙන්ම ත්‍රස්තාවාදයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා දිවි පිදු සියලුම රණවිරුවනටද පින් පැමිණවීම මෙම පුණ්‍ය කර්මයෙහි අරමුණ බව  බස්නායක කියයි.

ලබන 19 වැනි ඉරුදින උදේ 10.30 ට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී බුද්ධ පුජාවක් පවත්වා මහා සංඝ රත්නය උදෙසා දානය පිරි නමා  පිං අනුමෝදන් කිරීම අරමුණයි.

ජනක අලහප්පෙරුම, අජිත් සිල්වා, කුමාර් දිසානායක, සහ දොස්තර එම්.බි.රණතුංග ඇතුළු විශාල පිරිසක් සහාය වනු ඇත.

මහනුවර ශ්‍රී දළඳා මාලිගය වෙත එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකළ දිනය මුලික කර ගනිමින් පසුගිය වසර 13 ක්ම බස්නායක මෙම පිංකම පවත්වා ඇති අතර ඒ සමගාමීව  ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය දරුණු අන්දමට පැවැති වක වානුවේ ත්‍රස්තවාදයේ බිහිසුණුකම බටහිර වැසියනට පෙන්වාදෙන අරමුණෙන් රැස්වීම්,සාකච්ඡා, ඡායාරුප ප්‍රදර්ශන සහ වාර්තා චිත්‍රපට දර්ශන ලන්ඩන් නුවර සංවිධානය කළේය.

 



අදහස් (0)

රණවිරුවනට පින් දෙයි

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 13 January 2014 06:31 PM

දොස්තර රණතුංග මහතා හා ජනක අලහප්පෙරුම වැනි ක්‍රියා කාරීන්ගේ පරහිත කාමී වැඩ ගැන දැන් දැන් නිතර ලන්ඩන් නුවරින් අසන්න ලැබෙනවා. මෙය අද ඊයේ ඇරඹුන දෙයක් නොවෙයි. කරුණා බස්නායක ට මේ කාර්යය කර ගැනීම ට අත හිත දෙන අජිත් සිල්වා හා කුමාර් දිසානායක ටද අපගේ ගෞරවාචාරය.(නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 13 January 2014 12:03 AM

දොස්තර රණතුංග මහතා හා ජනක අලහප්පෙරුම වැනි ක්‍රියා කාරීන්ගේ පරහිත කාමී වැඩ ගැන දැන් දැන් නිතර ලන්ඩන් නුවරින් අසන්න ලැබෙනවා. මෙය අද ඊයේ ඇරඹුන දෙයක් නොවෙයි. කරුණා බස්නායක ට මේ කර්තව්‍යය කර ගැනීම ට අත හිත දෙන අජිත් සිල්වා හා කුමාර් දිසානායක ටද අපගේ ගෞරවාචාරය. (නදී)

:       0       0

දේවා ලන්ඩන් Monday, 13 January 2014 04:43 AM

ඉතාමත්ම හොඳ සත් ක්‍රියාවක්. මේ පිරිස වසර විසි තිස් ගානක් තිස්සේ ලන්ඩන්වල අවංකවම රට වෙනුවෙන් විවිධ වැඩ කරන පිරිසක්. පක්ෂ, පාට භේදයකින් තොරව අඛණ්ඩවම කරන මේ සියලු ජාතිහිතේෂි වැඩ සාර්ථක වේවා. ලාභ ප්‍රයෝජන බලාගෙන පක්ෂ වලට කඩේගිය නඩය පේන්නවත් නැහැ නේද? (නදී)

:       0       0

ජානු Sunday, 12 January 2014 04:42 PM

ඉතා හොඳ පින්කමක්, දැනුත් සාකච්චාවක් පවත්වන්න බටහිර රටවල් අපේ රටට ඔලුව උස්සන්න දෙන්නේ නැති එක ගැන කියලා දෙන්න. අපේ රටට විතරක් චෝදනා කරන්න බලන් ඉන්නේ අයත් ඉන්නවා (දිල්)

:       0       0

රාණි Sunday, 12 January 2014 06:44 PM

ඔව්වා මොනවද ?ඉතාලියේනේ අපි පිංකම් කරන්නේ .(නදී)

:       0       0

බලන්ගොඩ සිංහ Sunday, 12 January 2014 09:02 PM

ඇත්ත අපේ කලාකාරයෝ උනත් සිනමාවෙන් රටට කරපු දේ නැති තරම් ඔය ජිනිව මානව හිමිකම් ගැටලුවටත් අපේ අය හදපු ෆිල්ම් එහෙමත් රුකුලක් දුන්නා. තව කට්ටිය ඉන්නවා මේ වෙන දේවල් වලට වග කියන්න ඕනා. (නදී)

:       0       0

දක්ෂිණ Monday, 13 January 2014 04:31 PM

ඉතාමත් උතුම් පිංකමක්. අපේ රටේ මිනිස්සුන්ට කොටින්ගේ සැහැසිකම් අමතක වෙලා තියෙන කාලෙක මේක කරණ එක මොනතරම් වටිනවද? ගොඩක් මිනිස්සු බයයි කොටින්ට කොටි කියන්න. කොටි අපේ දළදා මාලිගාවට, ශ්‍රි මහා බෝධියට බෝම්බ ගැහුවා කියලා ප්‍රසිද්ධියේ කියන්න බයයි මොකද ජාතිවාදීන් වෙයි කියලා. මුස්ලිම් අය මුස්ලිම් ජාතිය ගැන කථා කරනවා.. දෙමළ අය දෙමල ජාතිය ගැන කථා කරනවා.. ඒත් අපේ සිංහල අය ජාතිවාදින් වෙන්න තියෙන බයට වෙන ජාතීන් ගැන කථා කරනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site