IMG-LOGO

‘‘රට හදන්න අවශ්‍යනම් නම් මර්ධනයෙන් ඉවත් විය යුතුයි‘‘

(රෝහණ සමරවීර)

සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ජනාධිපතිවරයාට  අවංක වුවමනාවක් තිබෙනවා නම් විවිධ චෝදනා නගමින් අරගලකරුවන් අත් අඩංගුවට ගැනීම වහාම නවතා දැමිය යුතුයැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපියේදී පැවැසූහ.

ජනතාවට සහන සැලසීම සදහා රටට දේශපාලන ස්ථාවරත්වයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. එවැනි පරිසරයක් රට තුළ නිර්මානය වුවහොත් පමණයි ජාත්‍යාන්තරයේ උදව් උපකාර  ලැබෙන්නේ.

ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් සදහා සියළු පක්වලට ආරාධානා කරමින් අනෙක් පැත්තෙන් අරගලකරුවන්ට විවිධ චෝදනා එල්ල කරමින් ජනතා මර්දනය කරගෙන යනවා.

මර්දනය කරමින් රටේ ප්‍රශ්න ව්සදීම පසෙකලා සැවොම එකමුතුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගාගෙන රටේ දැවෙන ප්‍රශ්නවලට පළමුව විසැදුම් ලබාදීලා ඉන් පසුව මහා මැතිවරණයක් ජනතාවට ලබාදීමයි කළ යුතු වන්නේ

ජනාධිපතිවරයාට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවංක පියවරක් ගන්නවා නම් වහාම ජනතා මර්ධන ක්‍රියාවලියෙන් ඉවත්විය යුතුයි. එක පැත්තකින් සර්වපාක්ෂික ආණ්ඩුවලට ආරාධනා කරමින් අනෙක් පැත්තෙන් අරගලකරුවන් මර්දනය කිරීම වැරදියි

එසේ සිදු කරනවානම් එය ජනතාව මුලාවට පත් කරමින් සිදුකරන මුසාවක් වගේම වංචනික ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ. 



අදහස් (5)

‘‘රට හදන්න අවශ්‍යනම් නම් මර්ධනයෙන් ඉවත් විය යුතුයි‘‘

කිරි පුතා Thursday, 04 August 2022 03:08 PM

බුද්ධ චීවරයට ඇති ගෞරවය නිසා කිසිවක් ලියන්න බෑ. මේ කාදිනල් දෙක කියලා විතරක් ලියමු.

:       9       123

sujeewarThursday, 04 August 2022 05:37 PM

සිංහල බෞද්ධ පදනම් ඉවර කලා කියපු කෙනෙක් බුද්ධ පුත්‍රයෙක් වුනේ කොහොමද, ඒ කාලෙත් කහ ඇඳපු නිඝන්ඨයන් හිටියා.

:       0       0

dem Thursday, 04 August 2022 03:13 PM

අනේ පින් සිද්දවෙයි හාමුදුරුවෝ ඔබවහන්සේ ටිකක් කටවහන් ඉන්නවැයි. එන් ජී ඔ කාරයෝ එක්ක අරගලේට ආවඩල තමන්ගේ දායක සභාපති ජනාධිපති කරන්න ට්‍රයි අරන්නේ.එදා සෝම හාමුදුරුවෝ විකුනලා පාර්ලිමේන්ති වැඩිය

:       6       85

චන්දන Thursday, 04 August 2022 05:47 PM

මේ උන්වහන්සේ අත්අඩංගුවට ගන්නෙ නැත්ද

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 496 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site