(නිමන්ති රණසිංහ)
රටේ මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ ආණ්ඩු නොව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බව වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවැසීය.
මහජනයාගේ මුදල් පිළිබද සම්පූර්ණ වගකිම පාර්ලිමේන්තුව නිසියාකාරයට ඉටු නොකිරීම නිසා රට අගාධයට වැටුණු බව ද හෙතෙම සදහන් කළේය.
ඔහු මෙසේ පැවසූවේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.
අඛණ්ඩව ඇතිවුණ මේ තත්වය නිවැරදි කර ගැනීම සදහා 2003 වර්ෂයේදී “මූල්‍ය කළමණාකරණ පනත” ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, එය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ බවත් සදහන් කළ අමාත්‍යවරයා එහි දක්වා තිබූ ප්‍රධාන කරුණු තුනට අනුව ක්‍රියාකර තිබුණා නම් අයවැය පරතරය අඩුවෙන් තබා ගත හැකිව තිබූ බව ද පැවසීය.
“මූල්‍ය කළමණාකරණ පනතතේ” ප්‍රධාන කරුණු තුන වන, 2006 වන විට ලංකාවේ අයවැය ලේඛනයේ හිගය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ට වඩා අඩුකළ යුතු අතර, එය අඛන්ඩව පවත්වාගෙන යා යුතු බව, 2013 වන විට රටේ ණය බර සමස්ථ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 60%ට පත්විය යුතු බව, සහ රජය දේශීය හෝ විදේශීය ණයවලට ඇප විය යුත්තේ 4.4ක් පමජය යන ඒවා අනුගමනය කර තිබුණා නම් අද වන විට ශ්‍රී ලංකාව මෙවැනි අර්බුදයකට මුහුණ නොදෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
පාර්ලිමේන්තුව පනතකින් මෙවැනි නිතියක් පනවා තිබියදී එම නිතියට අනුව කටයුතු නොකර එම පනත අවශ්‍ය අවශ්‍ය ආකාරයට සංශෝධනය කර ඇති බවත්, ඒ සදහා වගකිවයුත්තේ නොදැනුවත් දේශපාලනඥයෝ නොව, ඒ සදහා බලධාරීත්වය දැරූ නිලධාරින් සහ විශේෂඥයින් යැයි කියාගන්නා පිරිස බව ද ඔහු පැවසීය.
වර්ෂ 2016 සිට අඛණ්ඩව වසර පහක් පුරා මේ ආර්ථිකය එක දිගටම කඩා වැටුණු බවත්, කොවිඩ් 19 පස්සේ තවත් වැටුණු ආර්ථිකය වර්ධන වේගය ප්‍රථම වතාවට 2020 වර්ෂයේදී සෘණ 3.6ට අඩුවු බවත් සදහන් කළ අමාත්‍යවරයා මේ සදහා දේශපාලන සටන් පාඨවලින් උත්තර සෙවීමට නොහැකි බවත් ඒ සදහා තාක්ෂණීක ආර්ථික විද්‍යාත්මක සැලැස්මක් අවශ්‍ය බවත් කිය.
ඒ අනුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමග සාකච්ඡා කර ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීම සදහා විශේෂඥ තාක්ෂණීක සහාය ලබාගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත්, ඒ සදහා අමාත්‍යවරුන් වරුන් ජී එල් පීරිස් , අලි සබ්රි යන මහත්වරුන් සහ මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත ඇතුලු කමිටුවක් පත් කර ඇති බවත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘‘රටේ මූල්‍ය අර්බුදයට පාර්ලිමේන්තුව වගකිව යුතුයි‘‘
ravin Wednesday, 30 March 2022 04:39 PM
නැහැ නැහැ...!! දැන දැනත් නුසුදුස්සන්ව රටේ උත්තරීතරයි කියන තැනට යවපු ජනතාව තමයි මේ ආර්ථික අගාධයකට රට ඇදලා දැම්මේ... මේ ගොල්ලෝ තොත්ත බබාලා.
සඳුන් Wednesday, 30 March 2022 04:42 PM
උත්තරීතරයි කියාගන්නා පාර්ලිමේන්තුවේ බන්දුල සර් කියලා වානිජ විද්‍යා දහරේ ටියුෂන් ගුරුවරයෙකුත් ඔය කාලවකවානුවේ ඉඳලම ඉන්නවා නේද? එතකොට ඒ කාලේ එයාගේ කටේ පිට්ටු හිරවෙලා තිබුණාද?
swene Wednesday, 30 March 2022 05:28 PM
ඔක්කොම විස්තර කියලා දැන් ඉන්න කණ්ඩායමම පත් කරනවා. දකුණතින් බෙල්ල වටා ගොස් වම් කන අල්ලනවා වගේ...
චන්දන Wednesday, 30 March 2022 05:58 PM
පාර්ලිමේන්තුවේ ඉන්නෙ අපිද? ඔයාලද?
duplicate Ralahami Wednesday, 30 March 2022 06:19 PM
කියන කතා අහනකොට හිතෙනවා මෙයා පාසල් අධ්‍යාපනයක් ලබපු කෙනෙක්ද කියලා...
fairoos Wednesday, 30 March 2022 07:09 PM
බලන්නකෝ ඒකෙත් හැටි... රටට මෙච්චර වෙලත් බයියෝ තාම කියනවා සර්ට පුළුවන් කියලා...
ගමේ එකාලා Wednesday, 30 March 2022 07:23 PM
රුපියල් 2500 කින් මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියලා ගජබින්න ගහපු ආර්ථික ඔස්තාර් කෙනෙක් කියලා හිතාගෙන හිටපු තමුනුත් මේවාට වගකියන්න ඕනේ. එදා ඉඳලාම ඔය කියන පාර්ලිමේන්තුවේ තමුනුත් ඉන්නවනේ?
Sas Wednesday, 30 March 2022 07:26 PM
ඔය බන්දුලත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නේද...?
සෙනෙවිරත්න Wednesday, 30 March 2022 07:46 PM
විස්සට අත උස්සලා පාර්ලිමේන්තුව බල්ලට දාලා මෙතන එනවා කියවන්න ලැජ්ජාවක් නැතුව...!
lakvidu Wednesday, 30 March 2022 08:05 PM
මට නිකන් 2500 කතාවක් මතක් වෙනවා.
දයාරත්න Thursday, 31 March 2022 02:55 AM
මෙ බුතයා මොනවද මේ කියවන්නෙ . මෙච්චර කල් කොහෙද හිටියෙ. ඔය පාර්ලිමේන්තුවෙ නොවේද ?
udaya Thursday, 31 March 2022 09:30 AM
පාර්ලිමේන්තුවේ ගොඩනැගිලි එහෙම වෙන්න ඇති වගකියන්න ඕනෑ. අනේ මුන්ගේ කතා.