(අංජුල මහික වීරරත්න)
රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම වත්මන් රජය බාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මැයි මැද වන විට ඉන්දියා ණය අවසන් වනු ඇති අතර විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ජුනි මාසය වන විට පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීය.
රජය දැන් කිසිදු කොන්දේසියකින් තොරව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගත යුතු අතර කෙසේ වෙතත් මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ අර්බුදය විසඳෙන්නේ නැතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අර්බුදය විසඳීමට හැකි බවත් ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් විශේෂ නිවෙිදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතුයි
P Ilangaratne Wednesday, 13 April 2022 04:34 PM
නෑ නෑ යහපාලන ආණ්ඩුවේ අගමැති ඔබත් වගකිව යුතුයි.
සමන්ත Wednesday, 13 April 2022 09:23 PM
.මහ බැංකුව මංකොල්ල කාපු, හම්බන්තොට වරාය විකුණපු සල්ලි ගිල්ල උන් ගැන ඔබේ අදහස මොකක්ද ?මැයිතුමෝ.
ඇම් ජී සී ටී කේ මැද්දේගෝඩ Wednesday, 13 April 2022 10:55 PM
රටේ ඇති වී ඇති තත්වයට මෙරට පාලනයට සම්බන්ධ වු සියලුම දේශපාලකයන් වගකීම භාරගත යුතූ බව මගේ අදහසයි
P. D Goonawardene Thursday, 14 April 2022 08:38 AM
ඒ දවස් වල මහ බැංකුව කොල්ල කරනකොට ඕව ගැන දැනන් හිටියේ නැතෙයි???