IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රට ඩිජිටල් ආර්ථිකයක් කරන්න පළමු ඇරැඹුම අද

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම මූලික අරමුණ කරගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලය අද පස්වරුවේ පළමු වරට රැස්වීමට නියමිතය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්  ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කරන ලද ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා එහි විධායක නොවන  සභාපති ලෙස කටයුතු කරයි.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරීත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්,කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

සංජය කරුණාසේන, හර්ෂ පුරසිංහ, චන්දිම කුරේ, බන්ධුල රණතුංග, ජිෆ්රි සුල්ෆර්, සාමිස අබේසිංහ, ශානක රෙබෙල්  මහත්වරු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ වෙති.



අදහස් (8)

රට ඩිජිටල් ආර්ථිකයක් කරන්න පළමු ඇරැඹුම අද

අමල් Wednesday, 13 November 2024 03:59 PM

දිවයිනේ සියලුම ආදායම් වාර්තා බිඳදමමින්, තඹුත්තේගම ටොම් පචයා රඟන "දින 50යි - පච 50යි" දැන් අතිසාර්ථක ලෙස තිරගතවේ ! මාලිමා නිෂ්පාදනයක් - පච සාගරයක් !

:       67       24

සෞදි-සිංහ Wednesday, 13 November 2024 04:14 PM

අපි ඩිගිටල් භාවිතයෙන් ඉන්නේ දශක ගණනාවක් පසුපසින්. සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල් ගොඩාක් දුර ගිහින් තියෙනවා...

:       3       22

nihal Wednesday, 13 November 2024 06:09 PM

නරි අමල්...

:       5       18

Don Wi Wednesday, 13 November 2024 08:08 PM

අමල් අන්තිම වතාවටත් තමන්ගේ හාම්පුතා වෙනුවෙන් බිරුවා...!

:       4       15

Indika De Alwis Wednesday, 13 November 2024 08:36 PM

(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතන යනු... හොර ගුහාවල්. නිකන් කකා ඉන්න අය ගොඩක් ඉන්න තැනක් මුලින්ම ඕක හදලා ඉන්න වෙනවා... අනිත් වැඩ කරන්න කලින්...)

:       0       23

reshan Thursday, 14 November 2024 07:05 AM

පරණ හොරු දෙන්නෙක් අලුත් ටිම් එකේ

:       0       0

සෙනෙවිරත්න Thursday, 14 November 2024 09:44 AM

අමල් ඔච්චර බය වෙලා අපහාස කරන්නෙ තමනුත් මේඩ් ඉන් ලංකා එකලස් වාහනයක් පදිනවද?ඔය එකක් අල්ලගෙන වැලලුනාට තවවසර පහක්ම තියෙනව ඉවසන්න , උඩ ඉන්න නරියන්ට රිදුනට බිමේ මිනිස්සු තඹුත්තෙගම එකාට ආදරෙයි. අද ඔයාල හේදිල යනව එක නවතන්න සක්කරයටවත් බැහැ.

:       0       0

සෙනෙවිරත්න Thursday, 14 November 2024 09:46 AM

ඉන්දික මේ මිනිහ රවටන්න හිතන්නවත් එපා , තමන් අවංක නම් කොයි කොයි එකාටත් වැඩ කරන්න වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site