(යොහාන් භාසුර)
විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් ප්‍රේෂණ ලෙස එවා ඇති බවත් මැයි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් ඒවා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 437.5 ක්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4 ක්, මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 868.3 ක් සහ අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 454 ක් ප්‍රේෂණ මෙරට එවා තිබූ බව ද අමාත්‍යවරයා කීය.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රටවිරුවන් මාස 5 කදී ඩොලර් මිලියන 2300 ක් එවලා
මංගල Friday, 09 June 2023 03:16 PM
ඒකට කළගුණ සලකන්න, මැදපෙරදිග යන දුප්පත් අයගෙන් රජයට අරගන්න කප්පම් මුදල කීයකින් හරි වැඩිකරන්න. එහෙමනේ ලංකාවේ වැඩ වෙන්නේ. හිඟන ආණ්ඩු, තමන්ගේ දරු පවුල දාලා පිටරටවල කඹුරන්න යන දුප්පතාගේ පාත්තරේටත් අතදාන...
chandima Friday, 09 June 2023 03:42 PM
ඒක මිසක්, රට ගොඩගත් අසහාය නායකයා කියලා කිව්වට රට ගිය මිනිස්සුයි රට ගොඩ අරන් තියෙන්නේ...!
sukitha Friday, 09 June 2023 07:46 PM
සෙන්ටිග්‍රේඩ් 40-45 වැඩ කරන්නේ කාන්තාරේ. ලංකාවේ නම් 33 පනිනකොට වෛද්‍යවරු අනතුරු අඟවනවා. ලැප්ටොප් එක අක්‍රීය වුණා උණුසුම වැඩිකමට. මස් ලේ වලට මොනවා වෙනවා ඇතිද කමක් නැහැ....
nalin Friday, 09 June 2023 08:44 PM
මේ මාසවල එව්වයි කියන ගණන් ටික එකතු කරපුවාම ඩොලර් මිලියන 2647.2 ක් වෙනවා.. ඇයි මේ 2300කට වැඩිය එව්වා කියන්නේ..? මට පේන්නේ මේ එවපු එකෙනුත් මොකෙක් හරි මාටියා ගහලාද මන්දා...?
duminda Saturday, 10 June 2023 09:41 AM
රට ගොඩගන්න තියෙන අඩුම කාලයක්, පිරිවැයක් තියන හොඳම විදිහ තමයි රට ඉන්න අපේ අයගේ සල්ලි... ඕක අනුර කිව්වාම හිනා වුණා. දැන් ඒක හොඳම විකල්පය වෙලා.
prasanna Saturday, 10 June 2023 12:08 PM
ඔය ගැන අණ බෙර ගහලා එන මුදල් ටිකත් නැති කරගන්න යන්නේ... ගොන්නු ටික...!